| | ඒ දවසේ දී සමිඳාණන් වහන්සේ තමන්ගේ දැඩි, බලවත්, භයානක කඩුවෙන් ශීඝ්‍රයෙන් වක් වෙමින් යන ලෙවියාතන් නම් මුහුදු සර්පයාට දඬුවම් කර, මුහුදේ සිටින දිය රකුසා මරාදමන සේක. | | | | මෙසේ දෙවියන් වහන්සේ දැවැන්ත තල්මසුන් ද ඔබමොබ පීනන නන් වැදෑරුම් ජලජ සතුන් ද නන් වැදෑරුම් පක්ෂීන් ද මැවූ සේක. එය මනහර බව දෙවියන් වහන්සේ දුටු සේක. | | | |
එහි ඔබමොබ නැව් යාත්‍රා කරයි;
ඔබ මැවූ ලෙවියාතන් නම් මුහුදු සර්පයා එහි ක්‍රීඩා කරයි.
| | | | අධර්මයෙන් සත්‍යයට අකුල් හෙළන මිනිසුන්ගේ අභක්තිය හා අධර්මිෂ්ඨකමට විරුද්ධ ව දේව උදහස ස්වර්ගයෙන් ප්‍රකාශ වන්නේ ය. | | | | [24] ඉන්පසු දෙවියන් වහන්සේ; “විවිධ ගවමහිෂයන් ද උරගයන් ද වන මෘගයන් ද යන ජීවමාන සත්ත්වයෝ පොළොවෙන් නිපදෙත් වා!”යි වදාළ සේක. එසේ ම විය. [25] මෙසේ උන් වහන්සේ විවිධාකාර වන මෘගයන් ද ගවමහිෂයන් ද උරගයන් ද පොළොවෙන් ඉපද වූ සේක. එය මනහර බව දෙවියන් වහන්සේ දුටු සේක. [26] ඉන්පසු දෙවියන් වහන්සේ; “අපගේ ස්වරූපය අනුව, අපගේ සමානත්වය ලෙස මනුෂ්‍යයා මවමු, ඔහු මුහුදේ මසුන් ද අහසේ පක්ෂීන් ද ගවමහිෂයන් ද මුළු පොළෝ තලයෙහි සියලු වන මෘගයන් ද උරගයන් ද පාලනය කෙරේවා!”යි අණ කළ සේක. [27]
දෙවියන් වහන්සේ තම ස්වරූපය අනුව මිනිසා මැවූ සේක;
දෙවියන් වහන්සේගේ ම ස්වරූපය අනුව ඔවුන් මවා වදාළ සේක; පුරුෂයා ද ස්ත්‍රිය ද වශයෙන් ඔවුන් මැවූ සේක.
[28] දෙවියන් වහන්සේ ඔවුන්ට ආසිරි පතමින්, “නුඹලා දරුසම්පත් ලබා, වැඩි වර්ධනය වී, පොළොව පුරා පැතිර එය යටත් කරගන්න. මුහුදේ මසුන් කෙරෙහි ද, අහසේ පක්ෂීන් කෙරෙහි ද, පොළොවේ සැරි සරන සියලු සතුන් කෙරෙහි ද බලය පවත්වන්නැ”යි ඔවුන්ට වදාළ සේක. [29] තවද, උන් වහන්සේ, “මුළු පොළෝ තලයෙහි ධාන්‍ය දරන සියලු පැලෑටි ද බීජ සහිත පල දරන සියලු ගස් ද නුඹලාගේ ආහාරය පිණිස වේ වා! [30] එහෙත්, පොළොවේ සියලු වන සතුන්ට ද අහසේ පක්ෂීන්ට ද උරගයන්ට ද සියලු ජීවමාන සතුන්ට ද ආහාර පිණිස නිල් පලා දෙමි”යි වදාළ සේක. එසේ ම විය. [31] දෙවියන් වහන්සේ තමන් මවා වදාළ සියලු දේ නරඹා, එය ඉතා මනහර බව දුටු සේක. සවස ගත විය, උදය උදා විය, ඒ සය වන දවස ය. | | | | [15] දැවැන්ත බෙහෙමොත් නම් සතා දෙස බලන්න. ඌ මැව්වේත් මම ය; නුඹ මැව්වේත් මම ය. ඌ ගොනෙකු මෙන් තණ කොළ කයි. [16] එහෙත්, උගේ තුනටියේ ශක්තිය ද බඩේ මස් ගොබවල බලය ද කල්පනාවට ගන්න. [17] කිහිරි ගසක් මෙන් උගේ වල්ගය කෙළින් වී සිටියි. උගේ ගාත්වල නහර ශක්තිමත් ය, [18] උගේ ඇටකටු ලෝකඩ වැනි ය; ඉල ඇට යකඩ පොලු වැනි ය. [19] දෙවිඳුන් මැවූ සතුන් අතර ඉහළ ම තැන ඌ අතේ ය. ඌ පරාජය කළ හැකි වනුයේ උගේ මැවුම්කාර දෙවි තුමන් හට පමණ ය. [20] සියලු වන සතුන්ගේ කෙළි මඬල වන කඳුවල ඌට අහර පිණිස තණ කොළ ඇත. [21] ඌ කටු පඳුරු යට බට පඳුරු හා වගුරු සෙවණෙහි ලගියි. [22] කටු පඳුරු ඌට සෙවණ දෙයි. දොළ අසබඩ බට ගස්වලින් ඌ වට වී ඇත. [23] ගං ඉවුරු තළා වතුර නැඟුණත්, ඌට බියක් නැත. කට දක්වා ගංවතුර ගැලුවත් ඌට කරදරයක් නැත. [24] කොක්කක් දමා ඌ අල්ලා ගන්නට වත් ඌට නාස් ලණුවක් දමන්නට වත් හැකි සමතෙක් ඇද් ද? | | | | [1]
ලෙවියාතන් නම් මුහුදු සර්පයා බිලී කටුවකින් අදින්නට වත්, උගේ දිව කඹයකින් බඳින්නට වත් නුඹට හැකි ද?
[2] උගේ නාසයේ ලණු පටක් දමන්නට වත්, උගේ හක්ක උලකින් සිදුරු කරන්නට වත් නුඹට පුළුවන් ද? [3] ඌ නුඹට බොහෝ කන්නලව් කරනු ඇද් ද? නුඹෙන් දයානුකම්පාව අයැදිනු ඇද් ද? [4] සදහට ම ඌ නුඹට මෙහෙකරුවකු වන පිණිස, නුඹ සමඟ ගිවිසුමක් කරනු ඇද් ද? [5] සුරතල් පක්ෂියෙකු සමඟ මෙන් නුඹ ඌ සමඟ සෙල්ලම් කරනු ඇද් ද? නොහොත්, නුඹේ යුවතියන්ගේ විනෝදය පිණිස නුඹ ඌ බැඳ තබන්නෙහි ද? [6] වෙළෙඳ පොළේ ධීවරයන් ඌ ගැන කේවෙල් කරනු ඇද් ද? වෙළෙඳුන් අතර කපා බෙදාගනු ඇද් ද? [7] උගේ හම මස් හෙල්ලවලින් වත්, උගේ ඔළුව ඇවුළුම් බිලියකින් වත් සිදුරු කරන්නට නුඹට හැකි ද? [8] නුඹ ඌ සමඟ පොරබැදුවොත් ඒ සටනේ තරම සිතා බලනු; සිතා නිකම් සිටිනු. [9] අනේ! ලෙවියාතන් නම් තල්මහ දෙස බැලීමෙන් වැඩක් නැත. ඌ දුටු පමණින් මිනිසා ඇද වැටෙනු නියත ය. [10] ඌ ඇවිස්සීමට තරම් දිරිය ඇති කෙනෙක් නැත. ඌ සමඟ සටන් කරන්නට සමත් කවරෙක් ද? | | | | [1] ජෝෂුවා ජෙරිකෝවටත්, එහි රජුටත් කළාක් මෙන් ආයිටත් එහි රජුටත් කර, ආයි නගරය අල්ලාගෙන එය සහමුලින් ම විනාශ කළ බවත්, ගිබියොන් වැසියන් ඉශ්රායෙල්වරුන් සමඟ සාමදාන වී ඔවුන් අතරේ සිටින බවත්, ජෙරුසලමේ රජ වූ අදෝනි-ශෙදෙක්ට ආරංචි විය. [2] ගිබියොන් රාජකීය නගරයක් මෙන් විශාල නගරයක් ව තිබුණ නිසා ද එය ආයි නගරයටත් වඩා විශාල නිසා ද එහි වැසියන් සියලු දෙනා බලසම්පන්න නිසා ද ජෙරුසලම් වැසියෝ බියපත් වූවෝ ය. [3] එබැවින් ජෙරුසලමේ රජ වූ අදෝනි-ශෙදෙක්, හෙබ්‍රොන්හි රජ වූ හෝහාම්ට ද ජර්මුත්හි රජ වූ පීරාම්ට ද ලාකීෂ්හි රජ වූ ජපියාට ද එග්ලොන්හි රජ වූ දෙබීර්ට ද පණිවුඩ යවමින්, [4] “ගිබියොන්වරුන් ජෝෂුවා ද ඉශ්රායෙල් සෙනඟ ද සමඟ සාමදාන වී ඇති නිසා ගිබියොන්ට පහර දෙන පිණිස මට හවුල් වී උපකාර කරන්නැ”යි කී ය. [5] එබැවින් අමෝරිවරුන්ගේ රජවරුන් පස්දෙන, එනම්, ජෙරුසලමේ රජ ද හෙබ්‍රොන් රජ ද ජර්මුත්හි රජ ද ලාකීෂ්හි රජ ද එග්ලොන්හි රජ ද එකතු වී, ඔව්හු ද ඔවුන්ගේ සියලු සේනාවෝ ද ගොස්, ගිබියොන් ඉදිරියෙහි කඳවුරු බැඳ, ඊට විරුද්ධ ව යුද්ධ කළෝ ය. [6] එවිට ගිබියොන්හි සෙනඟ කතා කොට, “ඔබේ දාසයන් අත් නොහළ මැනව; අප වෙත ඉක්මනින් අවුත්, අප ගළවා අපට උපකාර කළ මැනව. මන්ද, කඳුකරයේ වසන අමෝරිවරුන්ගේ සියලු රජවරු අපට විරුද්ධ ව එකතු වී සිටිති”යි ගිල්ගාල්හි කඳවුරේ සිටි ජෝෂුවාට දන්වා යැවූ හ: [7] එවිට ජෝෂුවා මුළු යුද්ධ හමුදාව ද බලසම්පන්න වීරයන් ද සමඟ ගිල්ගාල් කෙරෙන් නැඟී ගියේ ය. [8] සමිඳාණන් වහන්සේ ජෝෂුවාට කතා කොට, “ඔවුන්ට බිය නොවන්න; මන්ද, මා ඔවුන් නුඹ අතට පාවා දී ඇත; ඔවුන්ගෙන් කිසිවෙකුට වත් නුඹට විරුද්ධ ව නැඟිට නොසිටිය හැකි ය”යි වදාළ සේක. [9] ජෝෂුවා ගිල්ගාල් සිට රාත්‍රිය මුළුල්ලේ ගමන් කොට හදිස්සියෙන් ඔවුන් කරා පැමිණියේ ය. [10] සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් ඉදිරියෙහි ඔවුන් තැතිගැන්වූ සේක. ඉශ්රායෙල්වරු ගිබියොන් ළඟ දී ඔවුන් වනසා, බෙත්-හෝරොන්ට යන මාර්ගයෙහි ඔවුන් ලුහුබැඳ ගොස් අශේකා සහ මක්කේදා දක්වා ඔවුන්ට පහර දුන්නෝ ය. | |
|