මාතෘකාව පිළිබඳ බයිබල් පද

මාතෘකා
දෙවියන් වහන්සේ
හොඳ චරිතයක්
නරක චරිතය
පව්
ජීවිතය
පල්ලිය
අභිරහස්
දේවදූතයන් සහ භූතයන්
ගණිත සං .ා
අතිරේක
පව්: [ගබ්සාව]
එහෙත් ප්‍රඥාවන්තයන් ලජ්ජාවට පමුණුවන පිණිස, ලෝක මිම්ම අනුව මෝඩ යයි සම්මත දේ, දෙවියන් වහන්සේ තෝරාගත් සේක. එමෙන් ම බලවතුන් ලජ්ජාවට පමුණුවන පිණිස ලෝක මිම්ම අනුව දුබල යයි සම්මත දේ දෙවියන් වහන්සේ තෝරාගත් සේක.
“දරුවන්ගේ වැරදිවලට ඔවුන්ගේ පියවරුන් ද පියවරුන්ගේ වැරදිවලට ඔවුන්ගේ දරුවන් ද මරණයට පත් නොකළ යුතු ය. හැම කෙනෙක් ම තම තමාගේ ම අපරාධවලට මරණයට පත් කරනු ලැබේ.
මා ඔබ ඉදිරියෙහි ජීවනය හෝ මරණය ද ආශීර්වාදය හෝ සාපය ද අද තැබූ බවට, ඔබට විරුද්ධ ව සාක්ෂි දරන පිණිස අහසත්, පොළොවත් කැඳවමි. එබැවින් ඔබත්, ඔබේ පරපුරත් ජීවත් වන පිණිස ජීවනය තෝරාගන්න.
එහෙත් දෙවියන් වහන්සේ ස්වකීය වරප්‍රසාදයෙන් මව් කුස පටන් මා වෙන් කොට තෝරාගෙන,
එහෙත් නුඹලාගේ පව් සිහි නොකොට, නුඹලාගේ වරද කමා කරන දෙවිඳාණෝ මම ය. එසේ කරන්නේ, මම දෙවිඳාණන් වන නිසා ය.
නුඹේ මැවුම්කාරයාත්, ගැළවුම්කාරයාත් වන සමිඳාණෝ මම ය. සියල්ලේ මැවුම්කාරයාණන් වන සමිඳාණෝ මම ය. අහස විදහා මැව්වේත්, මම ය. මා පොළොව මැවූ විට කිසිවෙකුගේ උදව්වක් මට වුවමනා නො වී ය.
ක්‍රිස්තුන් වහන්සේගේ යාගික රුධිරය කරණකොටගෙන, දෙවියන් වහන්සේගේ වරප්‍රසාද සම්පතේ ප්‍රකාරයට අපට මිදීමත්, පව් කමාවත් ලැබී ඇත.
සමිඳාණන් වහන්සේ ඔහුට උත්තර දෙමින්, “මිනිසාගේ මුඛය නිර්මාණය කෙළේ කවරෙක් ද? යමෙකු ගොළු කරන්නේ හෝ බිහිරි කරන්නේ හෝ යමෙකුට පෙනීම දෙන්නේ හෝ යමෙකු අන්ධයෙකු කරන්නේ හෝ කවරෙක් ද? එසේ කරනුයේ සමිඳාණන් වහන්සේ වන මම නොවෙම් ද?
එහෙත් සමිඳුනි, ඔබ අපේ පියාණෝ ය. අපි මැටි ය; ඔබ අපේ කුඹල්කාරයාණෝ ය. ඔබ අප නිර්මාණය කළ සේක.
“මා නුඹ කුසෙහි පිළිසිඳගැනීම ඇති කරන්නටත් පෙර පටන් මම නුඹ හඳුනාගතිමි. නුඹේ උපතට පෙර, මම නුඹ කැප කෙළෙමි; ජාතීන් හට දිවැසිවරයෙකු ලෙස මම නුඹ පත් කෙළෙමි.”
සමිඳාණන් දෙවිඳුන් බව දැනගන්න. අප මැව්වේ එතුමාණෝ ය; අපි එතුමන්ගේ ය, එතුමන්ගේ සෙනඟ ය. එතුමන්ගේ තණ බිම්වල බැටළුවෝ ය.
දරු සම්පත සමිඳාණන්ගෙන් ලැබෙන දායාදයකි; ඒ සම්පත එතුමන්ගෙන් ලැබෙන ඉමහත් ආශීර්වාදයකි.
[6] තවද, ඔවුන් එහි සිටිය දී ඇගේ ප්‍රසව කාලය සම්පූර්ණ විය. [7] ඈ කුලුඳුල් පුත්‍රයා බිහි කොට රෙදිවලින් ඔතා, නවාතැන්ගෙයි ඉඩකඩ නොතිබුණු බැවින්, ගව ඔරුවක බෑවුවා ය.
[3] ක්‍රිස්තුන් වහන්සේ තුළින් ස්වර්ගීය ස්ථානවල සියලු ආධ්‍යාත්මික ආශීර්වාද අපට දෙවා වදාළ, අපගේ ස්වාමීන් වන, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ පියාණන් වූ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේ වා! [4] ප්‍රේමයෙන් උන් වහන්සේ ඉදිරියෙහි අප ශුද්ධ ව නොකැළැල් ව සිටින පිණිස, ලෝකය මැවීමට ප්‍රථමයෙන් ක්‍රිස්තුන් වහන්සේ තුළ දෙවියන් වහන්සේ අප තෝරාගත් සේක.
[19] ඔබගේ ශරීරය, ඔබට දෙවියන් වහන්සේ දෙවා වදාළ, ඔබ තුළ වැඩ වසන ශුද්ධාත්මයාණන්ගේ මන්දිරය වන බව ඔබ නොදන්නහු ද? ඔබ ඔබට ම අයිති නැත. [20] ඔබ මිලයකට ගත් අය වන්නහු ය. එබැවින් ඔබගේ ශරීර දේව මහිමය සඳහා යොදවන්න.
[9] මැවුම්කරුන් සමඟ වාද කරන්නාට වන විපතක මහත! කුඹල්කරුවා සමඟ බඳුන වාද කරයි ද? නුඹ කරන්නේ කුමක් ද කියමින්, මැටි පිඬ එය අඹන්නාගෙන් විමසමින් පොරට සිට ඔහුගේ දස්කම ගැන චෝදනා කරයි ද? [10] නුඹ ජනිත කරන්නේ කුමක් ද කියා පියාට කියන දරුවෙකුට ද නුඹ බිහි කරන්නේ කුමක් ද කියා මවට කියන බිළිඳෙකුට ද වන විපතක මහත! [11] ඉශ්රායෙල්වරුන්ගේ මැවුම්කාර සුවිශුද්ධ සමිඳාණෝ මෙසේ වදාරන සේක: “මාගේ දරුවන් ගැන මාගෙන් ප්‍රශ්න කරන්න වත්, මා කළ යුතු දේ ගැන මට කියා දෙන්න වත් නුඹලාට අයිතියක් කොහෙන් ද?
[22] මිනිසුන් දබර කොට, ගැබ්ගත් ස්ත්‍රියකට පහර දී, ඈ ගබ්සා වූ නමුත් ඇයට අනතුරක් නුවූවත් ස්ත්‍රියගේ සැමියා ඉල්ලන ප්‍රකාර ඒ තැනැත්තාට දඬුවම් දිය යුතු ම ය. තවද, විනිසකරුවන්ගේ තීරණය පරිදි ඔහු වන්දි ද ගෙවිය යුතුයි. [23] එහෙත්, අනතුරක් වුවහොත් පණට පණ ද, [24] ඇසට ඇස ද, දතට දත ද, අතට අත ද, පයට පය ද, [25] දැවීමට දැවීම ද, තුවාළයට තුවාළය ද, පහරට පහර ද දිය යුතු ය.
[13] ඔබ මාගේ ඇතුළාන්තය මැවූ සේක; මාගේ මවු කුසෙහි මා තැනූ සේක. [14] මම ඔබට තුති පුදමි. මන්ද, මා ඔබට ගරුබිය දැක්විය යුතු ය. ඔබේ සියලු ක්‍රියා අසිරිමත් ය; ඔබ තරයේ මා දන්න සේක. [15] මාගේ ඇටකටු සැදෙන විට, මවු කුසෙහි මා වැඩෙන විට, රහසිගත ව මා තැනෙන විට මා එහි වූ බව ඔබ දැන සිටි සේක. [16] මා බිහි වන්නට පෙර ඔබ මා දුටු සේක. මාගේ දවස් පටන්ගන්නටත් පෙර මාගේ ආයු ඔබේ පොතෙහි සටහන් කර තිබිණි.
[41] එලිසබෙත් මරිය තුමියගේ ආචාර බස් ඇසූ කල ඇගේ කුසෙහි දරුවා ඉපිලෙන්නට වන. එවිට එලිසබෙත් ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ ව, [42] මහ හඬින් උදන් අනමින්, “ඔබ වනිතාවන් අතර අතිශයින් ආශීර්වාද ලද්දී ය. ඔබ කුස ඔත් දරු ඵලය ද ආශීර්වාද ලද්දේ ය. [43] මාගේ සමිඳාණන් වහන්සේගේ මෑණියන් මා වෙත පැමිණීමට තරම් මම කවරෙක් ද? [44] මක්නිසා ද ඔබේ ආචාර හඬ මා සවන් ගත වූ කෙණෙහි ම මා කුසෙහි දරුවා ප්‍රීතියෙන් ඉපිලී ගියේ ය.
[1] දෙවියන් වහන්සේ කතා කොට මේ සියලු ආඥා වදාළ සේක: [2] “වහල්කමේ නිවාසය වූ මිසර දේශයෙන් නුඹ පිටතට ගෙනා සමිඳාණන් වහන්සේ මම ය. [3] “මා හැර අන් කිසි ම දෙවි කෙනෙකු නුඹට නොසිටිය යුතු ය.” [4] “නුඹ සඳහා නෙළූ රූපයක් හෝ ඉහළ අහසෙහි වත්, පහළ පොළොවෙහි වත්, පොළොවෙන් යට ජලයෙහි වත් ඇති කිසි ම වස්තුවකට සමාන දෙයක් හෝ සාදා නොගන්න. [5] නුඹ ඒවාට නමස්කාර නොකරන්න; ඒවාට නොවඳින්න. මන්ද, නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ වන මා ප්‍රතිවාදීන් නොඉවසන දෙවි කෙනෙකු වන බැවිනි. මට වෛර කරන පියවරුන්ගේ පාපය නිසා තුන් වන, සතර වන පරම්පරාව දක්වා ඔවුන්ගේ දරුවන්ට මම දඬුවම් කරමි. [6] එහෙත්, මට ප්‍රේම කරමින් මාගේ ආඥා පිළිපදින දහස් ගණන් අයට මම කරුණාව දක්වමි. [7] “නුඹ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමය අගරු ලෙස භාවිතා නොකරව. යමෙක් ඒ නාමය අගරු ලෙස භාවිතා කරන්නේ ද ඔහුට මම දඬුවම් කරමි.” [8] “සබත් දවස ශුද්ධ ලෙස පැවැත්වීමට සිතට ගන්න. [9] දවස් හයක් තුළ නුඹ වෙහෙස වී නුඹේ සියලු වැඩ කළ යුතු ය. [10] එහෙත්, හත් වන දවස නුඹේ දෙවි සමිඳාණන් වහන්සේට කැප වූ සබත ය. එදින නුඹ වත්, නුඹේ පුතු වත්, දුව වත්, නුඹේ සේවකයා වත්, සේවිකාව වත්, නුඹේ සතෙකු වත්, නුඹේ වාසල් දොරටු සීමා ඇතුළ සිටින අමුත්තෙකු වත් කිසි වැඩක් නොකළ යුතු ය. [11] මන්ද, සමිඳාණන් වහන්සේ වන මම දින හයක් තුළ අහස හා පොළොව ද, සමුද්‍රය ද, ඒවායේ ඇති සියල්ල ද සාදා, සත් වන දවස නිවාඩු ගත්තෙමි. එබැවින් උන් වහන්සේ සබත් දවසට ආශීර්වාද කොට එය විශුද්ධ කළ සේක. [12] “නුඹේ පියාට ද, මවට ද ගෞරව කරව. එවිට නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ නුඹට දෙන රටේ නුඹ බොහෝ කාලයක් ජීවත් වන්නෙහි ය. [13] “මිනී නොමරව.
Sinhala Bible NRSV
Ceylon Bible Society