|
| ඔහු විසින් නැගුටුවන සේනා පැමිණ, බලකොටුව වන ශුද්ධස්ථානය කෙලහා, දවස්පතා පූජාව පහකොට, පාළුකරන පිළිකුල පිහිටුවනවා ඇත. |
|
|
| දවස්පතා පූජාව පහකර පාළුකරන පිළිකුල පිහිටුවන කාලය පටන් එක්දාස් දෙසිය අනූ දවසක් වන්නේය. |
|
|
| ස්ත්‍රියෙකු විසින් පුරුෂයෙකුගේ ඇඳුමක්වත් පුරුෂයෙකු විසින් ස්ත්‍රියෙකුගේ වස්ත්‍රයක්වත් නොහැඳිය යුතුය. මක්නිසාද මෙසේ කරන කවරෙක් නුමුත් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට පිළිකුලක්ය. |
|
|
| වේශ්‍යාවකුගේ පණයම්වත් බල්ලෙකුගේ කුලීවත් කිසියම් බාරයක් පිණිස ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ ගෘහයට නොගෙනෙන්න. මක්නිසාද මේ දෙකම ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට පිළිකුලක්ය. |
|
|
| ඈ එසේ කිලුටුවූ පසු ඈ අත්ඇරියාවූ ඇගේ ප්‍රථම පුරුෂයාට නැවත ඈ භාර්යාව කොට ගන්ට නුපුළුවන; මක්නිසාද ඒක ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පිළිකුලක්ය. ඔබ ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ උරුමයක් පිණිස ඔබට දෙන දේශයට වරද නොපමුණුවන්න. |
|
|
| නිෂ්ඵල පූජා තවත් නොගෙනෙන්න; දුම් පූජාව මට පිළිකුලක්ය; අමාවකද සබත් දවසද සභා රැස්කිරීමද එසේමය. දුෂ්ටකම සහිත මංගල්‍ය රැස්වීම මට ඉවසන්ට බැරිය. |
|
|
| ඔහුගේ ශාන්ති පූජාවල යාගයේ මාංසයෙන් කිසිවක් තුන්වෙනි දවසෙහි කෑවොත් එය පිළිගනු ලැබීමවත් එය පූජාකරන තැනැත්තාගේ ගණනට තබනු ලැබීමවත් නොවිය යුතුය. එය පිළිකුලක් වන්නේය, එයින් කන තැනැත්තේද තමාගේ අයුතුකම දරන්නේය. |
|
|
| ගැහැනුන් සමඟ මෙන් පිරිමින් සමඟ සංවාසය නොකරන්න. ඒක පිළිකුලක්ය. |
|
|
| හොර තරාදිය ස්වාමීන්වහන්සේ ට පිළිකුලක්ය; එහෙත් හරි කළන්පඩියට උන්වහන්සේ ප්‍රසන්නය. |
|
|
| වංක සිත් ඇත්තෝ ස්වාමීන්වහන්සේ ට පිළිකුලක්ය. එහෙත් සම්පූර්ණ මාර්ගයක යන්නන්ට උන්වහන්සේ ප්‍රසන්නසේක. |
|
|
| බොරුකාර තොල් ස්වාමීන්වහන්සේ ට පිළිකුලක්ය; එහෙත් සැබෑලෙස හැසිරෙන්නන්ට උන්වහන්සේ ප්‍රසන්නය. |
|
|
| දුෂ්ටයන්ගේ පූජාව ස්වාමීන්වහන්සේ ට පිළිකුලක්ය; එහෙත් ඇද නැත්තන්ගේ යාච්ඤාවට උන්වහන්සේ ප්‍රසන්නය. |
|
|
| දුෂ්ටයන්ගේ යෝජනා, ස්වාමීන්වහන්සේ ට පිළිකුලක්ය; එහෙත් පවිත්‍රයන්ගේ වචන උන්වහන්සේට ප්‍රසන්නය. |
|
|
| උඩඟු සිත් ඇති කවුරු නුමුත් ස්වාමීන්වහන්සේ ට පිළිකුලක්ය; අතට අත එකතුවුණත් ඔහු දඬුවම් නොලැබ නොසිටින්නේය. |
|
|
| දුෂ්ටයා නිදොස්කරන්නාද ධර්මිෂ්ඨයා වරදට පත්කරන්නාද යන දෙදෙනාම ස්වාමීන්වහන්සේ ට එකාකාර පිළිකුලක්ය. |
|
|
| ද්වීප්‍රකාර කළන්පඩිද ද්වීප්‍රකාර මිමිද යන දෙවගේම ස්වාමීන්වහන්සේ ට පිළිකුලක්ය. |
|
|
| ද්වීප්‍රකාර කළන්පඩි ස්වාමීන්වහන්සේ ට පිළිකුලක්ය; හොර තරාදි හොඳ නැත. |
|
|
| ව්‍යවස්ථාව ඇසීමෙන් තමාගේ කන් ඉවත හරවාගන්නාගේ යාච්ඤාව පවා පිළිකුලක්ය. |
|
|
| බැටළුපැටවාණන්ගේ ජීවන-පොතෙහි ලියනලද්දවුන් මිස අපවිත්‍ර දෙයක්වත් පිළිකුල්වූ බොරුවූ දෙයක් කරන්නෙක්වත් කිසිසේත් එහි ඇතුළු නොවන්නේය. |
|
|
| තවද පාළුකරන පිළිකුල නුසුදුසු ස්ථානයේ සිටිනවා ඔබ සැම යම් කලක දකින්නහුද (කියවන්නා තේරුම්ගනීවා), එකල යුදයෙහි සිටින්නෝ කඳුවලට පලායෙත්වා. |
|
|
| එබැවින් අනාගතවක්තෘවූ දානියෙල් විසින් කියනලද පාළුකරන පිළිකුල ශුද්ධස්ථානයෙහි තිබෙනවා ඔබ සැම යම් කලෙක දක්නහුද (කියවන්නා තේරුම් ගනීවා), |
|
|
| [26] ඒ නිසා දෙවියන්වහන්සේ ඔවුන් නීච තෘෂ්ණාවලට භාරදුන්සේක. ඔවුන්ගේ ස්ත්‍රීහු ස්වාභාවික ව්‍යවහාරය ස්වභාවට විරුද්ධවූ ව්‍යවහාරයට වෙනස්කළෝය. [27] එසේම පුරුෂයෝද ස්ත්‍රිය සම්බන්ධ ස්වාභාවික ව්‍යවහාරය අත්හැර ඔවුනොවුන් කෙරෙහි රාගයෙන් මත්ව, පුරුෂයෝ පුරුෂයන් සමඟ අශෝභන දේ කරමින්, තමුන්ගේ වරදවලට සුදුසු ඵල තමුන් තුළම ලැබුවෝය. |
|
|
| [12] මනුෂ්‍යයෙක් තම පුත්‍රයාගේ භාර්යාව සමඟ සයනය කළොත් ඔවුන් දෙදෙනාම සැබවින් මරනු ලැබිය යුතුය. ඔව්හු ව්‍යාකූලයක් කළෝය; ඔවුන්ගේ ලේ ඔවුන් පිට වන්නේය. [13] මනුෂ්‍යයෙක් ගැහැනියකු සමඟ සයනයකරන්නාක්මෙන් පිරිමියෙකු සමඟ සයනයකළොත් ඔවුන් දෙදෙනාම පිළිකුලක් කළෝය. ඔව්හු සැබවින් මරනු ලැබිය යුතුය; ඔවුන්ගේ ලේ ඔවුන් පිට වන්නේය. |
|
|
| [16] ස්වාමීන්වහන්සේ ද්වේෂකරන කාරණා හයක් තිබේ; එසේය, උන්වහන්සේට පිළිකුල්වූ කාරණා සතක් තිබේ: [17] උඩඟු ඇස්ය, බොරුකාර දිවය, නිදොස් ලේ වගුරුවන අත්ය, [18] දුෂ්ට උපා යොදන සිතය, නපුරට දුවන්ට ඉක්මන්වෙන පාදයෝය, [19] මුසාබස් නික්මවන බොරු සාක්ෂිකාරයාය, සහෝදරයන් අතරේ භේද පතුරුවන්නාය. [20] මාගේ පුත්‍රය, ඔබේ පියාගේ ආඥාව රක්ෂාකරන්න, ඔබේ මවුගේ උපදෙස්ද අත් නොහරින්න. |
|