|
| නුමුත් එකිනෙකා තම තමාගේ වැඩය සෝදිසිකෙරේවා, එවිට ඔහුට වෙන කෙනෙක් ගැන නොව තමා ගැන පමණක්ම පාරට්ටුව තිබේ. |
|
|
| මක්නිසාද උඩඟුවූ අහංකාරවූ සියල්ලට විරුද්ධවද උසස්ව තිබෙන සියල්ලට විරුද්ධවද |
|
|
| සියලු අලංකාරකම්වල උඩඟුකම කෙළහන්ටත් පොළොවේ සියලු නම්බුකාරයන් නින්දාවට පමුණුවන්ටත් සේනාවල ස්වාමීන්වහන්සේ එය යෝජනාකළසේක. |
|
|
| නුමුත් උන්වහන්සේ වඩා කරුණාව දෙනසේක. ඉන්නිසා: දෙවියන්වහන්සේ උඩඟුවූවන්ට විරුද්ධව සිට, යටහතුන්ට කරුණාව දෙනසේකැයි ලියවිල්ල කියන්නේය. |
|
|
| ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පහත්වෙන්න, එවිට උන්වහන්සේ ඔබ සැම උසස්කරනසේක. |
|
|
| ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ප්‍රඥාවන්තයා තමාගේ ප්‍රඥාව ගැන පාරට්ටුකර නොගනීවා, බලවන්තයාද තමාගේ බලය ගැන පාරට්ටුකර නොගනීවා, වස්තුකාරයා තමාගේ වස්තුව ගැන පාරට්ටුකර නොගනීවා. |
|
|
| හෙරොද් රජ ඒ ඇසූ කල්හි ඔහුද ඔහු සමඟ මුළු යෙරුසලමද කැලඹුණෝය. |
|
|
| ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම නම් නපුරට ද්වේෂකිරීමය. උඩඟුකමටත් අහංකාරයටත් නපුරු මාර්ගයටත් ප්‍රයෝග මුඛයටත් ද්වේෂකරමි. |
|
|
| උඩඟුකම පැමිණෙන කල ලජ්ජාවත් පැමිණෙයි; එහෙත් යටහතුන් වෙත ප්‍රඥාව තිබේ. |
|
|
| උඩඟුකමෙන් තරඟය අටගන්නවා පමණක්ය; එහෙත් දැනමුතුකම පිළිගන්නන් වෙත ප්‍රඥාව තිබේ. |
|
|
| උඩඟු සිත් ඇති කවුරු නුමුත් ස්වාමීන්වහන්සේ ට පිළිකුලක්ය; අතට අත එකතුවුණත් ඔහු දඬුවම් නොලැබ නොසිටින්නේය. |
|
|
| [18] විනාශයට පළමුවෙන් උඩඟුකමද වැටීමට පළමුයෙන් අහංකාර සිතද වෙයි. [19] උදාරම් අය සමඟ කොල්ලයක් බෙදාගැනීමට වඩා දිළිඳු අය සමඟ යටත් සිතක් ඇතුව සිටීම හොඳය. |
|
|
| විනාශයට පළමුවෙන් මනුෂ්‍යයාගේ සිත උඩඟුව තිබේ, ගෞරවයට පළමුවෙන් යටහත්කම ඇත්තේය. |
|
|
| අහංකාර බැල්මද උඩඟු සිතද යන දුෂ්ටයන්ගේ පහන පාපයය. |
|
|
| උඩඟු අහංකාර අයගේ නම නින්දාකරන්නාය, ඔහු අහංකාර මානයෙන් ක්‍රියාකරන්නේය. |
|
|
| බොහෝ මීපැණි කෑම හොඳ නැත; එමෙන්ම මනුෂ්‍යයන්ට තමුන්ගේම ගෞරවය සෙවීම ගෞරවයක් නොවේ. |
|
|
| තමාම නුවණ ඇත්තෙකැයි සිතන මිනිසෙකු ඔබ දකින්නෙහිද? ඔහුට වඩා අඥානයෙකු ගැන බලාපොරොත්තුවෙන්ට පුළුවන. |
|
|
| ඔබේම මුඛය නොව වෙන කෙනෙක්ද ඔබේම තොල් නොව අන්‍යයෙක්ද ඔබට ප්‍රශංසාකෙරේවා. |
|
|
| මනුෂ්‍යයෙකුගේ උඩඟුකම ඔහු පහත හෙළයි; එහෙත් සිතින් පහත්ව සිටින්නා ගෞරව ලබයි. |
|
|
| දුෂ්ටයා අහංකාරයෙන් කථාකොට: උන්වහන්සේ පළි නොගන්නසේකැයි කියයි. දෙවිකෙනෙක් නැත යනු ඔහුගේ මුළු සිතිවිල්ල වේ. |
|
|
| මක්නිසාද ස්වාමීන්වහන්සේ උසස් නුමුත් පහත් අය සලකනසේක. නුමුත් උඩඟු අය දුරදීම දන්නාසේක. |
|
|
| ඔබ සැම එකිනෙකා සුදුසු තරමට වඩා තම තමා ගැන උතුම්කොට නොසිතා, දෙවියන්වහන්සේ එකිනෙකාට බෙදාදුන් ඇදහිල්ලේ ප්‍රමාණය ලෙස පමණදැන සිතන හැටියට, මට දෙනලද අනුග්‍රහයෙන් ඔබ සැම අතරෙහි එකිනෙකාට කියමි. |
|
|
| එකිනෙකා සමඟ එක්සිත්වෙන්න. උසස් දේවල්හි සිත නොතබා, පහත් දේවලට සිත අවනතකරන්න. ඔබ සැමම ඥානවන්තයෝයයි නොසිතන්න. |
|
|
| ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තය, ගුණවන්තය; ප්‍රේමය ඊර්ෂ්‍යාවෙන්නේ නැත; ප්‍රේමය පාරට්ටුකරගන්නේ නැත, |
|
|
| එහෙත් ඔහුගේ සිත උසස්වී, උඩඟුකම්කරන ලෙස ඔහුගේ ආත්මය දැඩිවූ කල, ඔහු තමාගේ රාජාසනයෙන් පහත්කරනු ලැබුවේය, ඔහුගේ මහිමයද ඔහුගෙන් පහකරනු ලැබීය. |
|
|
| [1] සහෝදරයෙනි, මනුෂ්‍යයෙක් යම් වරදකට අසුවුණත්, ආත්මිකවූ ඔබ සැම මෘදුකමේ ආත්මයෙන් යුක්තව එබඳු කෙනෙකු හරවාගන්න. ඔබත් පරීක්ෂාවට නොපැමිණෙන පිණිස බලාගන්න. [2] එකිනෙකාගේ බර උසුලා, එසේ ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාව සම්පූර්ණකරන්න. [3] මක්නිසාද කිසිත් නොවන කෙනෙක් තමා වැදගත් කෙනෙක්යයි සිතන්නේ නම්, ඔහු තමාම රවටාගනියි. |
|