මාතෘකාව පිළිබඳ බයිබල් පදමාතෘකා දෙවියන් වහන්සේ ආශීර්වාද ඔබ මෙන් එන්න ආ ments ා ශාපය මූල්‍ය ආශිර්වාදය නිදහස් කැමැත්ත දෙවියන්ගේ කරුණාව දෙවියන්ගේ ප්‍රේමය දෙවියන්ගේ කැමැත්ත දෙවියන්ගේ වේලාව මම කවදාවත් ඔබව හැරයන්නේ නැ ආශ්චර්යයන් දෙවියන්ගේ නම් පූජා සැලසුම් ගැලවීම ලැබීම ත්‍රිත්වය වේලාව කොන්දේසි විරහිත ආදරය වෛරස් / රෝග දෙවියන් කවුද? හොඳ චරිතයක් පිළිගැනීම වැළකී සිටීම වගවීම නිර්භීතකම රැකබලා ගැනීම පිරිසිදුකම කැපවීම විශ්වාසය සෑහීමකට පත්වේ ධෛර්යය / නිර්භීතකම අනුකම්පාව විනය විශ්වාසය කෘත ful වෙනවා ආගන්තුක සත්කාරය නිහතමානී / නිහතමානිකම අවංක ගෞරවය අඛණ්ඩතාව කරුණාව ආදරය නිහතමානිකම දයාව ඉවසීම විශුද්ධිකරණය ස්වයං වාරණ විශ්වාසය නරක චරිතය කෝපය පාවාදීම හිරිහැර කිරීම තිත්තකම පැමිණිලි කිරීම ගැටුම බිය මෝඩයි කුහකයා ඊර්ෂ්‍යාව විනිශ්චය කම්මැලි අභිමානය පළිගැනීම / පළිගැනීම නිෂ් ity ලකම ප්රචණ්ඩත්වය පව් ගබ්සාව ඇබ්බැහි වීම කාමමිථ්‍යාචාරය ඇදහිල්ල අත්හැරීම ශාප කිරීම දික්කසාදය ඊර්ෂ්‍යාව වේශ්‍යාකම කෑදරකම ඕපාදූප කෑදරකම වෛරය රාගය බොරු කියනවා ස්වයංවින්දනය අතපසු කිරීම සොරකම ජීවිතය වයසට යාම සතුන් දරුකමට හදා ගැනීම උපන් දිනය අලංකාරය තනිව සිටීම ආලය මරණය අවපාතය බලාපොරොත්තු සුන්වීම විචාර බුද්ධිය ව්‍යායාම කරන්න ආචාර ධර්ම නිරාහාරව සිටීම ආදරය සොයා ගැනීම අවධානය යොමු කරන්න පවුලක් ආහාර වරද සෞඛ්‍යය සතුට නිරය වඳභාවය රැකියා අහිමිවීම අලාභය මානසික රෝග සංගීතය විවාහ දෙවියන්ට මුල් තැන දීම වේදනාව දෙමාපිය අරගලයක් ලිංගිකත්වය අත්හදා බැලීම් පරීක්ෂාව පිරිමින් සඳහා පදය කාන්තාවන් සඳහා පද යුද්ධය ධනය වැන්දඹුවන් පල්ලිය පල්ලියට යනවා යේසුස්ගේ උපත පල්ලියේ පීඩා උපස්ථායකවරු බොරු ගුරුවරු ස්වර්ගයට යාම ශුද්ධාත්මයාණන් මෙසියස් බයිබලයේ පාස්ටර්වරු දෙවියන්ට ප්‍රශංසා කිරීම උපමාවන් යේසුස්ගෙන් පෙන්තකොස්ත දවස භාෂාවලින් කථා කිරීම දසයෙන් කොටස නමස්කාරය කාන්තා භූමිකාවන් අභිරහස් පිටසක්වල ජීවීන් පිළිකා දෛවය ඩයිනෝසෝරයන් මකරා සිහින පැතලි / වටකුරු පෘථිවිය බයිබලයේ යෝධයෝ අවසාන දින / අනාගතය යුනිකෝන් දේවදූතයන් සහ භූතයන් අග්‍ර දේවදූතයන් දේවදූතයන් බෙල්සෙබුබ් භූතයන් ගාඩියන් ඒන්ජල්ස් ලුසිෆර් මායාකාරිය / මැජික් ගණිත සං .ා අංකය 3 අංකය 5 අංකය 7 අංකය 8 අංකය 10 අතිරේක මත්පැන් බහුලත්වය පිළිකුල් කිරීම බිඳුණු හදවත කැනිබල්වාදය මරණ දණ්ඩනය ඖෂධ නපුර හැඟීම් හැලොවීන් දුප්පතුන්ට උදව් කිරීම ගබ්සා වීම පොලිස් නිලධාරීන් සිදුරු කිරීම බහු විවාහය පුනර්ජීවනය දුක විද්‍යාව ආත්මාරක්ෂාව වහල්භාවය සියදිවි නසා ගැනීම දක්ෂතා පච්ච කාර්යය පල්ලිය: [පෙන්තකොස්ත දවස] නික්මයාම 34:22-43[22] තිරිඟු කපන කාලයේ ප්‍රථම ඵල ඔප්පුකිරීමේ සති මංගල්‍යයද අවුරුද්දේ කෙළවරදී රැස්කිරීමේ මංගල්‍යයද ඔබ විසින් පැවැත්විය යුතුය. [23] ඔබේ සියලු පිරිමි අවුරුද්දකට තුන්වරක් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීවූ දෙවියන්වහන්සේ ඉදිරියෙහි පෙනීසිටින්ට ඕනෑය. [24] මක්නිසාද මම ඔබ ඉදිරියෙන් ජාතීන් දුරුකොට ඔබේ සීමාව විශාල කරන්නෙමි. ඔබ අවුරුද්දකට තුන් වරක් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පෙනෙන්ට යන කල්හි කිසිවෙක් ඔබේ දේශයට ආශා නොකරන්නේය. [25] ඔබ මාගේ යාගයේ ලේ මුහුන් දැමූ රොටි සමඟ පූජා නොකළ යුතුය; පාස්කු මංගල්‍යයේ යාගයද පසුවදා උදය දක්වා ඉතිරිකර නොතැබිය යුතුය. [26] ඔබේ බිමේ ප්‍රථම ඵලයෙන් ප්‍රථම කොටස ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ ගෘහයට ගෙනෙන්න. ඔබ එළුපැටවෙකු උගේ මවුගේ කිරෙන් නොපිසිය යුතුයයි කීසේක. [27] තවද ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: මේ වචන ලියාගන්න. මක්නිසාද මේ වචන ලෙස මම ඔබ සමඟද ඉශ්රායෙල් සමඟද ගිවිසුමක් කෙළෙමියි කීසේක. [28] ඔහු දාවල් සතළිසක්ද රෑ සතළිසක්ද කෑම නොකා වතුර නොබී එහි ස්වාමීන්වහන්සේ සමඟ සිටියේය. උන්වහන්සේ ගිවිසුමේ වචන වන ආඥා දසය ලෑලිවල ලියා දුන්සේක. [29] තවද මෝසෙස් සාක්ෂියේ ලෑලි දෙක තමාගේ අතින් ගෙන සීනයි කන්දෙන් බැස්සේය, නුමුත් උන්වහන්සේ මෝසෙස් සමඟ කථාකිරීම කරණකොටගෙන ඔහුගේ මුහුණේ සමෙන් රශ්මි විහිදෙන බව කන්දෙන් බැස්ස කල ඔහු නොදැන සිටියේය. [30] ආරොන් සහ සියලු ඉශ්රායෙල් පුත්‍රයන් මෝසෙස් දුටුකල, බලව, ඔහුගේ මුහුණේ සමෙන් රශ්මි විහිදෙමින් තිබුණේය; එබැවින් ඔව්හු ඔහු ළඟට එන්ට භයවූය. [31] නුමුත් මෝසෙස් ඔවුන්ට අඬගැසුවේය; එවිට ආරොන්ද සභාවේ සියලු අධිපතිවරුද ඔහු ළඟට හැරී ආවෝය. මෝසෙස් ඔවුන්ට කථාකෙළේය. [32] ඉන්පසු සියලු ඉශ්රායෙල් පුත්‍රයෝ ළඟට ආවෝය. ඔහුද සීනයි කන්දේදී ස්වාමීන්වහන්සේ ඔහු සමඟ කථාකළ සියල්ල ගැන ඔවුන්ට අණදුන්නේය. [33] මෝසෙස් ඔවුන් සමඟ කථාකොට කෙළවරවූ කල වැස්මක් තමාගේ මුහුණේ තබාගත්තේය. [34] එහෙත් මෝසෙස් ස්වාමීන්වහන්සේ සමඟ කථාකරන පිණිස උන්වහන්සේ ඉදිරියට ඇතුල්ව පිටතට එනතෙක් වැස්ම අහකින් තැබුවේය; ඔහු පිටතට අවුත් තමාට අණකරන්ට යෙදුණු කාරණා ඉශ්රායෙල් පුත්‍රයන්ට කීයේය; [35] ඉශ්රායෙල් පුත්‍රයෝද මෝසෙස්ගේ මුහුණ බැලූ විට මෝසෙස්ගේ මුහුණේ සමෙන් රශ්මි විහිදෙන බව දුටුවෝය. මෝසෙස්ද උන්වහන්සේ සමඟ කථාකරන්ට ඇතුල්වන තෙක් නැවත තමාගේ මුහුණේ වැස්ම තබාගත්තේය. [36] මෝසෙස් ඉශ්රායෙල් පුත්‍රයන්ගේ මුළු සමූහය රැස්කොට කියනුයේ: ඔබ සැම විසින් කරන පිණිස ස්වාමීන්වහන්සේ අණ කළාවූ කාරණා මේවාය: [37] සදවසක් වැඩකළ යුතුය, එහෙත් සත්වෙනි දින ඔබ සැමට ස්වාමීන්වහන්සේ උදෙසා ගරුමයවූ නිවාඩුවේ සබතක් වන ශුද්ධවූ දවසක්ව තිබෙන්ට ඕනෑය. එදින කිසි වැඩක් කරන කවරෙක් නුමුත් මරනුලබන්නේය. [38] සබත් දවසේදී ඔබ සැමගේ සියලු වාසස්ථානවල ගින්දර පත්තු නොකළ යුතුයයි කීයේය. [39] මෝසෙස් ඉශ්රායෙල් පුත්‍රයන්ගේ මුළු සමූහයට මෙසේ කීය: ස්වාමීන්වහන්සේ අණකර කීවාවූ දේ මේය- [40] ඔබ සැම අතරෙන් ස්වාමීන්වහන්සේ ට පඬුරක් ගෙනෙන්න. කැමති සිතක් ඇති කවරෙක් නුමුත් ස්වාමීන්වහන්සේ ට පඬුරක් කොට රන්ද රිදීද පිත්තලද, [41] නිල්, රත්නිල්, රතු නූල්ද සිහින් හණ රෙදිද එළු ලොම්ද, [42] රතු සායම් පෙවූ බැටළු සම්ද තහෂ් සම්ද, ෂිටිම් ලීද, [43] එළිය දීමට තෙල්ද ආලේප තෙල්වලටත් සුවඳ දුම්වලටත් සුගන්ධ ද්‍රව්‍යයන්ද, ද්විතීය නීති සංග්‍රහය 16:9-25[9] සති සතක් ඔබට ගණන්කරගන්න. දෑකැත්ත ගොයමට යොදන තැන් පටන් ඒ සති සත ගණන්කරන්ට පටන් ගන්න. [10] එවිට ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට ආශීර්වාදකරන හැටියට ඔබේ අතින් සිය කැමැත්තෙන් දෙන්නාවූ පූජා පඬුරකින් සති මංගල්‍යය ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට පවත්වන්න. [11] ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ස්වකීය නාමය වාසයකරවන්ට තෝරාගන්න ස්ථානයේදී ඔබද ඔබේ පුත්‍රයාද ඔබේ දුවද ඔබේ වැඩකරුවාද ඔබේ වැඩකාරීද ඔබේ දොරටු ඇතුළත සිටින ලෙවීයයාද ඔබ සැම අතරෙහි සිටින විදේශියාද පියා නැත්තාද වැන්දඹුවද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ප්‍රීතිවන්න. [12] ඔබ මිසරයෙහි වහලෙක්ව සිටි බව සිහිකරමින්, මේ පනත් රක්ෂාකරන්ට බලාගන්න. [13] ඔබේ පාවරෙන්ද මිදිපැසෙන්ද රැස්කරගත් පසු දවසක් කූඩාරම් මංගල්‍යය පවත්වන්න. [14] ඔබද ඔබේ පුත්‍රයාද ඔබේ දුවද ඔබේ වැඩකරුවාද ඔබේ වැඩකාරීද ඔබේ දොරටු ඇතුළත සිටින ලෙවීයයාද විදේශියාද පියා නැත්තාද වැන්දඹුවද ඔබේ මංගල්‍යයෙහිදී ප්‍රීතිවන්න. [15] ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තෝරාගන්න ස්ථානයේදී සත් දවසක් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට මංගල්‍යයක් පවත්වන්න. මක්නිසාද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබේ මුළු අස්වැන්නෙන්ද ඔබේ අත්වල සියලු වැඩවලදීද ඔබට ආශීර්වාද කරනවා ඇත, ඔබද මුළුමනින් ප්‍රීතිමත්වන්න. [16] අවුරුද්දට තුන් වරක් එනම් මුහුන් නොදැමූ රොටි මංගල්‍යයේදීද සති මංගල්‍යයේදීද කූඩාරම් මංගල්‍යයේදීද ඔබේ සියලු පිරිමි ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තෝරාගන්න ස්ථානයට පැමිණ උන්වහන්සේ ඉදිරියෙහි පෙනෙන්ට ඕනෑය. ඔවුන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි හිස් අතින් නොපෙනී, [17] ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට දී තිබෙන ආශීර්වාදයේ හැටියට, එකිනෙකා තම තමාගේ පුළුවන්කම ප්‍රකාර දීමනාවක් ඇතුව පෙනී සිටීවා. [18] ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට දෙන සියලු දොරටුවල ඔබේ ගෝත්‍රවල හැටියට විනිශ්චයකාරයන්ද මුලාදෑනීන්ද පත්කරගන්න. ඔව්හු ධර්මිෂ්ඨකමින් සෙනඟ විනිශ්චය කෙරෙත්වා. [19] ඔබ විනිශ්චය නොපෙරළන්න; මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලන්න. අල්ලසක් නොගන්න; මක්නිසාද අල්ලස ප්‍රඥාවන්තයන්ගේ ඇස් අන්ධකොට ධර්මිෂ්ඨයන්ගේ වචන පෙරළන්නේය. [20] ඔබ ජීවත්ව ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට දෙන දේශය උරුමකරගන්න පිණිස ධර්මිෂ්ඨකමම අනුව යන්න. [21] ඔබ සාදන්නාවූ ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ පූජාසනය ළඟ කිසියම් වෘක්ෂයකින් කළ අෂේරා කණුවක් සිටුවානොගන්න. [22] ඔබට රූපස්තම්භයක්ද පිහිටුවා නොගන්න; ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඊට ද්වේෂකරනසේක. [23] යම් කැලලක් නොහොත් යම් විරූපකමක් ඇති ගොනෙක්වත් බැටළුවෙක්වත් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට පූජා නොකරන්න. මක්නිසාද එය ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට පිළිකුලක්ය. [24] ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට දෙන්නාවූ ඔබේ යම් නුවරක් තුළ ඔබ සැම අතරෙහි සිටින යම් පුරුෂයෙක් හෝ ස්ත්‍රියෙක් ගොස්, [25] මා විසින් අණ නොකළ අන් දෙවිවරුන්ටවත් ඉරට හෝ සඳටවත් අහස් සේනාවෙන් කිසිවකුටවත් සේවය කරමින්, ඔවුන්ට නමස්කාර කොට, ක්‍රියා 2:1-13[1] තවද පෙන්තකොස්ත දවස පැමිණි කල ඔවුන් සියල්ලෝ එකතැනක රැස්ව සිටියෝය. [2] තද හුළඟක් හමන්නාක්මෙන් ශබ්දයක් අහසෙන් හදිසියෙන් පැමිණ, එයින් ඔවුන් හිඳගෙන උන්නාවූ මුළු ගෙය පිරුණේය. [3] ගිනි වැනිවූ දිව් බෙදී යනවා ඔවුන්ට පෙනුණේය; එය ඔවුන් එක්එක්කෙනා කෙරෙහි පිහිටුණේය. [4] ඔවුන් සියල්ලෝ ශුද්ධාත්මයෙන් පූර්ණව, ආත්මයාණන් ඔවුන්ට කථාකරන්ට පුළුවන්කම දුන් ප්‍රකාරයට අන්‍ය භාෂාවලින් කථාකරන්ට පටන්ගත්තෝය. [5] එකල අහසින් යට තිබෙන සියලු දේශවලින් ආවාවූ භක්තිවන්ත යුදෙව්වරු යෙරුසලමේ වාසයකරමින් සිටියෝය. [6] මේ ශබ්දය ඇසුණු කල සමූහයා එකතුව ඇවිත් වියවුල්විය, මක්නිසාද එකිනෙකා තම තමාගේ භාෂාවෙන් ඔවුන් කථාකරනවා ඇසුවේය. [7] ඔවුන් සියල්ලෝ විස්මිතව පුදුමවී: බලව, මේ කථාකරන සියල්ලෝ ගලීලයෝ නොවෙද්ද? [8] අප උපන් දේශවල අප එකිනෙකාගේම භාෂාවෙන් ඔවුන් කථාකරනවා කෙසේ අසමුද? [9] පාර්තිවරුද මේදවරුද ඒලාම්වරුද මෙසොපොතාමියෙහිත් යුදය සහ කපදෝකියෙහිත් පොන්තසය සහ ආසියාවෙහිත්, [10] පිරීගිය සහ පම්පිලියෙහිත් මිසරය සහ කිරේනිය වටකර ලිබියේ ප්‍රදේශවලත් යන මෙකී දේශවාසීහුද රෝමයෙන් ආ විදේශීහුද යුදෙව්වරුන් සහ ඔවුන්ගේ ආගමට හැරුණු අයද, [11] ක්‍රීත්වරු සහ අරාබිවරුද යන අපි අපගේ භාෂාවලින් දෙවියන්වහන්සේගේ බලවත් ක්‍රියා ගැන ඔවුන් කථාකරනවා අසමුයයි කීවෝය. [12] ඔවුන් සියල්ලෝ විස්මිතව වියවුල්ව: මේ කිමෙක්දැයි ඔවුනොවුන් කථාකරගත්තෝය. [13] නුමුත් සමහරෙක් සරදම් කරමින්: මොවුන් අලුත් මුද්‍රිකපානයෙන් පිරිලායයි කීවෝය. Sinhala Bible SROV Ceylon Bible Society