|
| ඔහු මරාදැමීම ගැන සාවුල්ද එකඟව සිටියේය. ඒ දවසේදී යෙරුසලමෙහිවූ සභාවට විරුද්ධව මහත් පීඩාවක් අටගත්තේය; එවිට ප්‍රේරිතයන් හැර ඔවුන් සියල්ලෝ යුදයේද සමාරියේද පළාත්වල විසුරුවනු ලැබුවෝය. |
|
|
| නුමුත් මම ඔබ සැමට කියමි: ඔබ සැමගේ සතුරන්ට ප්‍රේමකරන්න, ඔබ සැමට පීඩාකරන්නන් උදෙසා යාච්ඤාකරන්න; |
|
|
| එසේය, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ භක්තිවන්තලෙස ජීවත්වන්ට කැමති සියල්ලෝම පීඩා විඳින්නෝය. |
|
|
| දාසයෙක් තමාගේ ස්වාමියාට වඩා උතුම් නොවේයයි ඔබ සැමට මා කී වචනය සිහිකරන්න. ඔව්හු මට පීඩාකළෝනම් ඔබ සැමටත් පීඩාකරන්නෝය; මාගේ වචනය රක්ෂාකළෝ නම් ඔබ සැමගේ වචනයත් රක්ෂාකරන්නෝය. |
|
|
| ඔබ විඳින්ට යන දේවලට භය නොවන්න. බලව, ඔබ සැම විමසනු ලබන පිණිස යක්ෂයා ඔබ සැමගෙන් සමහර දෙනෙකුන් හිරගෙයි දමන්ට යන්නේය; ඔබ සැම දස දවසක් පීඩා විඳින්නහුය. මරණය දක්වා විශ්වාසව සිටින්න, එවිට මම ජීවනයේ ඔටුන්න ඔබට දෙන්නෙමි. |
|
|
| ක්‍රිස්තුස්වහන්සේගේගේ ප්‍රේමයෙන් අප වෙන්කරන්නේ කවුද? විපතවත්, සිත් වේදනාවවත්, පීඩාවවත්, දුර්භීක්ෂයවත්, නිර්වස්ත්‍රකමවත්, උපද්‍රවයවත්, කඩුවවත් අප වෙන්කරන්නේද? |
|
|
| මනුෂ්‍යයන් මා නිසා ඔබ සැමට නින්දා පීඩාකොට ඔබ සැමට විරුද්ධව සියලු ආකාර අගුණ බොරුවෙන් කියන කල ඔබ සැම ආශීර්වාදලද්දෝය. |
|
|
| ඔබ සැමට පීඩාකරන්නන්ට ආශීර්වාද කරන්න; ශාප නොකොට ආශීර්වාදම කරන්න. |
|
|
| යේසුස්වහන්සේ මේ දේ සබත් දවසේදී කළ නිසා යුදෙව්වරු උන්වහන්සේට පීඩාකළෝය. |
|
|
| [10] ධර්මිෂ්ඨකම නිසා පීඩා වින්ද තැනැත්තෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ස්වර්ගරාජ්‍යය ඔවුන්ගේය. [11] මනුෂ්‍යයන් මා නිසා ඔබ සැමට නින්දා පීඩාකොට ඔබ සැමට විරුද්ධව සියලු ආකාර අගුණ බොරුවෙන් කියන කල ඔබ සැම ආශීර්වාදලද්දෝය. [12] ප්‍රීතිවෙන්න, ඉතා සන්තෝෂවෙන්න; මක්නිසාද ස්වර්ගයෙහි ඔබ සැමගේ විපාකය මහත්ය. ඔබ සැමට පළමුවෙන් සිටි අනාගතවක්තෘවරුන්ටත් ඔව්හු එලෙසම පීඩාකළෝය. |
|
|
| එහෙයින් ක්‍රිස්තුස්වහන්සේ උදෙසා පැමිණෙන දුර්වලකම්වලටත් අන්තරායවලටත් හිඟකම්වලටත් පීඩාවලටත් විපත්තිවලටත් ප්‍රසන්නව සිටිමි. මක්නිසාද මම දුර්වලව සිටින කලම ශක්තිමත්ව සිටිමි. |
|
|
| නුමුත් යුදෙව්වරු භක්තිවන්ත කුල ස්ත්‍රීන්ද නුවර ප්‍රධානීන්ද පොලඹවා, පාවුල් සහ බාර්ණබස්ට විරුද්ධව පීඩාවක් උපදවා, තමුන්ගේ සීමාවලින් ඔවුන් පිටතට ලූවෝය. |
|
|
| ඔබ සැමගේ පියවරුන් පීඩා නොකළේ ප්‍රොපේතවරුන්ගෙන් කොයි තැනැත්තාටද? ඔව්හු ධර්මිෂ්ඨයාණන්ගේ ඊම පළමුවෙන් දැන්වූවන් මැරුවෝය; ඔබ සැම දැන් උන්වහන්සේව පාවාදෙන්නන්ද මරන්නන්ද වී සිටිති; |
|
|
| තමුන් තුළ මුල් නැති බැවින් මඳ කලක් පැවත, වචනය නිසා හිංසාවක් හෝ පීඩාවක් හෝ පැමිණි කල්හි, එකෙණෙහිම බාධාවන්නෝවෙත්; |
|
|
| නුමුත් මාංසාකාරයෙන් උපන් තැනැත්තා ආත්මයාණන් කරණකොටගෙන උපන් තැනැත්තාට එකල්හි පීඩාකළා සේම දැනුත් වන්නේය. |
|
|
| දැන් මේ කාලයේදී ගෙවල්ද සහෝදරයන්ද සහෝදරියන්ද මවුවරුන්ද දරුවන්ද ගම්බිම්ද පීඩාත් සහිතව සියක් ගුණයක් හා, අනගාත ලෝකයේදී සදාකාල ජීවනයද නොලබා නොසිටින්නේය. |
|
|
| එහෙත් තමා තුළ මුල් නැති බැවින්, ඔහු මඳ කලක් පැවත, වචනය නිසා හිංසාවක් හෝ පීඩාවක් හෝ පැමිණි කෙණෙහිම බාධාවන්නේය. |
|
|
| පුරුෂයන්ද ස්ත්‍රීන්ද බැඳ හිරගෙවලට භාරදෙමින්, මරණය දක්වා මේ ලබ්ධි මාර්ගයට පීඩාකෙළෙමි. |
|
|
| ධර්මිෂ්ඨකම නිසා පීඩා වින්ද තැනැත්තෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ස්වර්ගරාජ්‍යය ඔවුන්ගේය. |
|
|
| මාංසාකාරයෙන් උතුම්ව පෙනෙන්ට කැමති සියල්ලෝ චර්මඡේද්‍යය ලබන්ට ඔබ සැමට බලකරති. එසේ කරන්නේ ක්‍රිස්තුස්වහන්සේගේ කුරුසිය ගැන පීඩා නොලබන පිණිස පමණක්ය. |
|
|
| නුමුත් ඒ සියල්ලට පළමුවෙන් මාගේ නාමය නිසා ඔව්හු ඔබ සැම පිට අත්හෙළා, සිනගෝගවලටත් හිරගෙවලටත් ඔබ සැම පාවාදෙමින්, ඔබ සැමට පීඩාකරන්නෝය, ඔබ සැම රජුන් හා ආණ්ඩුකාරයන් ඉදිරියට ගෙනයන්නෝය. |
|
|
| [29] යේසුස්වහන්සේද: සැබවක් ඔබ සැමට කියමි-මා නිසාද ශුභාරංචිය නිසාද ගෙය හෝ සහෝදරයන් හෝ සහෝදරියන් හෝ මවු හෝ පියා හෝ දරුවන් හෝ ගම්බිම් හෝ අත්හැරිය කවරෙක් නුමුත්, [30] දැන් මේ කාලයේදී ගෙවල්ද සහෝදරයන්ද සහෝදරියන්ද මවුවරුන්ද දරුවන්ද ගම්බිම්ද පීඩාත් සහිතව සියක් ගුණයක් හා, අනගාත ලෝකයේදී සදාකාල ජීවනයද නොලබා නොසිටින්නේය. |
|
|
| [35] ක්‍රිස්තුස්වහන්සේගේගේ ප්‍රේමයෙන් අප වෙන්කරන්නේ කවුද? විපතවත්, සිත් වේදනාවවත්, පීඩාවවත්, දුර්භීක්ෂයවත්, නිර්වස්ත්‍රකමවත්, උපද්‍රවයවත්, කඩුවවත් අප වෙන්කරන්නේද? [36] ඒ හැටියට, දවස මුළුල්ලේ ඔබ නිසා අපි මරනු ලබමුව; මරණයට නියමකළ බැටළුවන් මෙන් ගණන්ගනු ලැබුවෙමුයයි ලියා තිබේ. [37] නුමුත් අපට ප්‍රේමකළාවූ තැනන්වහන්සේ කරණකොටගෙන අපි මේ සියල්ලේදී අතිශයින්ම ජය ගන්නෝ වමුව. |
|
|
| [19] ස්තේපන් නිසා හටගත් පීඩාව කරණකොටගෙන විසුරුවනු ලැබුවාවූ අය යුදෙව්වරුන්ට මිස වෙන කාටවත් වචනය නොකියා, පෙනිකියද කුප්‍රසද අන්තියෝකියද දක්වා ගමන්කළෝය. [20] නුමුත් කුප්‍රසේද කිරේනියේද මනුෂ්‍යයෝවූ ඔවුන්ගෙන් සමහරෙක් අන්තියෝකියට පැමිණ ග්‍රීකයන්ටත් කථාකරමින්, ස්වාමිවූ යේසුස්වහන්සේ ගැන දේශනාකළෝය. [21] ස්වාමීන්වහන්සේගේ හස්තය ඔවුන් සමඟ වූයේය. විශ්වාසකළාවූ විශාල ගණනක් ස්වාමීන්වහන්සේ වෙතට හැරුණෝය. |
|
|
| [4] ඔහු බිම වැටුණේය, එවිට: සාවුල්, සාවුල්, ඔබ මට පීඩාකරන්නේ මක්නිසාදැයි තමාට කියන හඬක් ඔහුට ඇසුණේය. ස්වාමිනි, ඔබ කවුදැයි ඔහු ඇසීය. [5] උන්වහන්සේද: මම වනාහි ඔබ පීඩාකරන යේසුස්ය. |
|
|
| නුමුත් සහෝදරයෙනි, මම තවම චර්මඡේද්‍යය ප්‍රකාශකරම් නම් මක්නිසා තවම පීඩාකරනු ලබම්ද? එසේවී නම් කුරුසියේ බාධාව පහකරන ලද්දේය. |
|
|
| ඔවුන් එක් නුවරකදී ඔබ සැමට පීඩාකරන කල ඊළඟ නුවරට දුවන්න. මක්නිසාද සැබවක් ඔබ සැමට කියමි: මනුෂ්‍ය පුත්‍රයා එනතෙක් ඔබ සැම ඉශ්‍රායෙල්ගේ සියලු නුවරවල ඇවිද කෙළවර නොකරන්නහුය. |
|
|
| ප්‍රීතිවෙන්න, ඉතා සන්තෝෂවෙන්න; මක්නිසාද ස්වර්ගයෙහි ඔබ සැමගේ විපාකය මහත්ය. ඔබ සැමට පළමුවෙන් සිටි අනාගතවක්තෘවරුන්ටත් ඔව්හු එලෙසම පීඩාකළෝය. |
|
|
| පළමුවෙන් මම අපහාසකරන්නෙක්ව, පීඩාකරන්නෙක්ව, නින්දාකරන්නෙක්ව සිටියෙම් නුමුත්, නොදන්නාකමින් හා ඇදහිලි නැතිකමින් එසේ කළ බැවින්, දයාව ලැබුවෙමි. |
|
|
| [11] මනුෂ්‍යයන් මා නිසා ඔබ සැමට නින්දා පීඩාකොට ඔබ සැමට විරුද්ධව සියලු ආකාර අගුණ බොරුවෙන් කියන කල ඔබ සැම ආශීර්වාදලද්දෝය. [12] ප්‍රීතිවෙන්න, ඉතා සන්තෝෂවෙන්න; මක්නිසාද ස්වර්ගයෙහි ඔබ සැමගේ විපාකය මහත්ය. ඔබ සැමට පළමුවෙන් සිටි අනාගතවක්තෘවරුන්ටත් ඔව්හු එලෙසම පීඩාකළෝය. |
|
|
| එහෙයින් දෙවියන්වහන්සේගේ ප්‍රඥාව තොමෝ කියන්නී: අනාගතවක්තෘන්ද ප්‍රේරිතයන්ද ඔවුන් ළඟට යවන්නෙමි; ඔව්හු ඔවුන්ගෙන් සමහරෙකු මරා සමහරෙකුට පීඩාකරන්නෝය; |
|
|
| [3] මක්නිසාද අප දුක් විඳීමට නියමව තිබෙන බව ඔබ සැමම දනිහුය. [4] මක්නිසාද අප දුක් විඳින්ට සිටින බව, ඔබ සැම සමඟ සිටියදී කලින් ඔබ සැමට කීවෙමුව; එලෙසම සිදුවුණු බව ඔබ සැම දන්නහුය. |
|
|
| [36] තවත් අය සරදම්වලින්ද පහරවලින්ද, එසේය, බැඳුම්වලින් සහ හිරගෙයි දමනු ලැබීමෙන්ද පරික්ෂාකරනු ලැබුවෝය. [37] ඔව්හු ගල්ගසනු ලැබුවෝය, කියතෙන් ඉරනු ලැබුවෝය, පරීක්ෂා කරනු ලැබුවෝය, කඩුවෙන් මරනු ලැබුවෝය. ඔව්හු අසරණකම්ද පීඩාද නපුරුකමද විඳිමින්, බැටළු හම්ද එළු හම්ද ඇඳගෙන, ඔබ මොබ ගියෝය. [38] ඔව්හු කාන්තාරවලද කඳුවලද ගුහාවලද පොළොවේ බෙනවලද ඇවිද්දෝය; ඔවුන්ගේ විසීමට ලෝකය නොවටෙන්ය. |
|
|
| [20] දාසයෙක් තමාගේ ස්වාමියාට වඩා උතුම් නොවේයයි ඔබ සැමට මා කී වචනය සිහිකරන්න. ඔව්හු මට පීඩාකළෝනම් ඔබ සැමටත් පීඩාකරන්නෝය; මාගේ වචනය රක්ෂාකළෝ නම් ඔබ සැමගේ වචනයත් රක්ෂාකරන්නෝය. [21] නුමුත් ඔවුන් මා එවූ තැනන්වහන්සේව නාඳුනන බැවින් මාගේ නාමය නිසා මේ සියල්ල ඔබ සැමට කරනවා ඇත. |
|
|
| [21] තවද සහෝදරයා සහෝදරයාද පියා තමාගේ දරුවාද මරණයට පාවාදෙන්නෝය. දරුවෝද මවුපියන්ට විරුද්ධව නැගිට ඔවුන් මරණයට පත්කරවන්නෝය. [22] ඔබ සැම මාගේ නාමය නිසා සියල්ලන් විසින් වෛරකරනු ලබන්නහුය. නුමුත් අන්තිම දක්වා ස්ථිරව සිටින්නාම ගැළවෙන්නේය. [23] ඔවුන් එක් නුවරකදී ඔබ සැමට පීඩාකරන කල ඊළඟ නුවරට දුවන්න. මක්නිසාද සැබවක් ඔබ සැමට කියමි: මනුෂ්‍ය පුත්‍රයා එනතෙක් ඔබ සැම ඉශ්‍රායෙල්ගේ සියලු නුවරවල ඇවිද කෙළවර නොකරන්නහුය. |
|
|
| [8] මේ සියල්ල වනාහි ගාවිනාවල පටන්ගැන්මය. [9] එකල ඔව්හු ඔබ සැම පීඩා විඳීමට පාවාදී මරන්නෝය. ඔබ සැම මාගේ නාමය නිසා සියලු ජාතීන් විසින් වෛරකරනු ලබන්නහුය. [10] එකල බොහෝ දෙනෙක් බාධාවට පැමිණ ඔවුනොවුන් පාවාදෙන්නෝය, ඔවුනොවුන්ට වෛරවන්නෝය. |
|
|
| [12] නුමුත් ඒ සියල්ලට පළමුවෙන් මාගේ නාමය නිසා ඔව්හු ඔබ සැම පිට අත්හෙළා, සිනගෝගවලටත් හිරගෙවලටත් ඔබ සැම පාවාදෙමින්, ඔබ සැමට පීඩාකරන්නෝය, ඔබ සැම රජුන් හා ආණ්ඩුකාරයන් ඉදිරියට ගෙනයන්නෝය. [13] ඒක ඔබ සැමට සාක්ෂියක් පිණිස වන්නේය. [14] එබැවින් උත්තරදිය යුතු කෙසේදැයි කලින් කල්පනා නොකරන්නට ඔබ සැමගේ සිත්හි නියමකරගන්න. [15] මක්නිසාද ඔබ සැමගේ සියලු එදිරිකාරයින් විසින් විරුද්ධව සිටින්ටවත් බොරුකරන්ටවත් බැරිවූ මුඛයක්ද ප්‍රඥාවද මම ඔබ සැමට දෙන්නෙමි. [16] එහෙත් මවුපිය සහෝදර නෑ මිත්‍රයන් විසින්ම ඔබ සැම භාරදෙනු ලබන්නහුය; ඔව්හු ඔබ සැමගෙන් සමහරෙකු මරණයට පත්කරවන්නෝය. [17] මාගේ නාමය නිසා සියල්ලෝම ඔබ සැමට වෛරවන්නෝය. [18] නුමුත් ඔබ සැමගේ හිසකෙසක්වත් නැති නොවන්නේය. [19] ඔබ සැම ක්ෂාන්ති ගුණයෙන් සිටීමෙන් ඔබ සැමගේ ආත්ම දිනාගන්නහුය. |
|
|
| [8] දැනටම ඔබ සැම පූර්ණව සිටින්නහුය. දැනටම ඔබ සැම ධනවන්තව සිටින්නහුය, අප නැතුව ඔබ සැම රජකම්කළහුය. එසේය, ඔබ සැම සමඟ අපත් රජකම්කරන පිණිස ඔබ සැම රජකම්කරවු නම් කැමැත්තෙමි. [9] මක්නිසාද ප්‍රේරිතවූ අප මරණයට නියමකරනලද්දන් මෙන් අන්තිමයන් කොට දෙවියන්වහන්සේ දැක්වූසේකැයි සිතමි. මක්නිසාද, අපි ලෝකයටත් දේවදූතයන්ටත් මනුෂ්‍යයන්ටත් ප්‍රදර්ශනයක් කරනු ලබමුව. [10] අපි ක්‍රිස්තුස්වහන්සේ උදෙසා මෝඩයෝය, නුමුත් ඔබ සැම ක්‍රිස්තුස්වහන්සේ තුළ ප්‍රඥාවන්තයෝය; අපි දුර්වලය, නුමුත් ඔබ සැම ශක්තිමත්ය; ඔබ සැමට ගෞරවය ඇත්තේය, නුමුත් අපට ඇත්තේ අගෞරවයය. [11] මේ පැය දක්වාම ශුධාවද පිපාසායද විඳ, වස්ත්‍ර නැතුව, පහර ලැබ, නියම වාසස්ථානයක් නැතුව සිටිමුව. [12] අපේම අත්වලින් වැඩකරමින් වෙහෙසෙමුව. නින්දා ලබන කල අපි ආශීර්වාදකරමුව; පීඩා ලබන කල අපි ඉවසමුව; [13] අපකීර්තිය ලබන කල අපි අවවාද දෙමුව. මේ දක්වාම ලෝකයේ කුණු මෙන්ද සියලු දේවල කසළ මෙන්ද වී සිටිමුව. |
|
|
| [32] නුමුත් ඔබ සැම ආලෝකකරනු ලැබුවාට පසු ඔබ සැම දුක් නැමති මහත් පොරබැදීමක් ඉසුලුවාවූ පළමු දවස් සිහිකරන්න. [33] එසේ වුණේ නින්දා සහ පීඩා කරණකොටගෙන පරිහාස හේතුවක් කරනු ලැබීමෙනුත්, එසේ කරනු ලැබූවන්ට හවුල්කාරයන් වීමෙනුත්ය. [34] මක්නිසාද හිරකාරයන්ව සිටින්නන්ට ඔබ සැම අනුකම්පාව දැක්වූවා පමණක් නොව, වඩා උතුම්වූ පවතින්නාවූ වස්තුවක් ඔබ සැමට ඇති බව දැනගෙන, ඔබ සැමගේ දේපල කොල්ලකෑම ප්‍රීතියෙන් ඉවසුවහුය. |
|
|
| [33] ඔව්හු ඇදහිල්ලෙන් රාජ්‍යයන් යටත්කළෝය, ධර්මිෂ්ඨකම් කළෝය, පොරොන්දු ලබාගත්තෝය, සිංහයන්ගේ මුඛ පියෙවුවෝය, [34] ගින්නේ උෂ්ණය නිවුවෝය, කඩුමුවහතින් ගැළවුණෝය, දුර්වලව සිට ශක්තිමත්කරනු ලැබුවෝය, යුද්ධයෙහි බලසම්පන්නවූවෝය, අන්‍ය සේනාවක් පන්නාදැමුවෝය. [35] ස්ත්‍රීහු නැවත-නැගිටීමකින් තමුන්ගේ මළවුන් ලැබුවෝය. වෙන අය වඩා උතුම් නැවත-නැගිටීමක් ලබන පිණිස, මිදීම පිළි නොගෙන වධකරනු ලැබුවෝය. [36] තවත් අය සරදම්වලින්ද පහරවලින්ද, එසේය, බැඳුම්වලින් සහ හිරගෙයි දමනු ලැබීමෙන්ද පරික්ෂාකරනු ලැබුවෝය. [37] ඔව්හු ගල්ගසනු ලැබුවෝය, කියතෙන් ඉරනු ලැබුවෝය, පරීක්ෂා කරනු ලැබුවෝය, කඩුවෙන් මරනු ලැබුවෝය. ඔව්හු අසරණකම්ද පීඩාද නපුරුකමද විඳිමින්, බැටළු හම්ද එළු හම්ද ඇඳගෙන, ඔබ මොබ ගියෝය. [38] ඔව්හු කාන්තාරවලද කඳුවලද ගුහාවලද පොළොවේ බෙනවලද ඇවිද්දෝය; ඔවුන්ගේ විසීමට ලෝකය නොවටෙන්ය. |
|
|
| [1] ඒ කාලය පමණේදී හෙරොද් රජ සභාවේ සමහරුන්ට පීඩා කරන්ට අත දිගුකෙළේය. [2] ඔහු යොහන්ගේ සහෝදරවූ යාකොබ් කඩුවෙන් මැරුවේය. [3] ඊට යුදෙව්වරුන් ප්‍රසන්නවූ බව දැක, ඔහු පේතෘසුත් ඇල්ලුවේය. ඒ කාලය මුහුන් නුමුසු රොටි කන දවස්ය. [4] ඔහු අල්ලා හිරගෙයි තබා, පාස්කු මංගල්‍යයෙන් පසු සෙනඟ ඉදිරියට පිටත ගෙනෙන්ට සිතා, හේවායින් සතර දෙනෙකු බැගින් ඇති කාණ්ඩ සතරකට ඔහු රැකවල්කරන්ට භාරදුන්නේය. [5] එබැවින් පේතෘස් හිරගෙයි රැකවල්කරනලද්දේය. නුමුත් සභාව ඔහු උදෙසා දෙවියන්වහන්සේට උදක්ම යාච්ඤාකළාය. [6] හෙරොද් ඔහු පිටතට ගෙනෙන්ට සිටිය දාට ප්‍රථම රාත්‍රියේ පේතෘස් දම්වැල් දෙකකින් බඳිනු ලැබ හේවායන් දෙදෙනෙකු මැද නිදාඋන්නේය. රැකවල්ලු දොර ඉදිරියෙහි හිරගෙය රැක සිටියෝය. [7] එවිට ස්වාමීන්වහන්සේගේ දූතයෙක් ඔහු ළඟ සිටියේය, ආලෝකයක් කාමරයෙහි බැබළුණේය. ඔහු පේතෘස්ගේ ඇළයට ගසා, ඔහු පුබුදුවමින්: ඉක්මනින් නැගිටින්නැයි කීය. ඔහුගේ දම්වැල් අත්වලින් ගැළවී වැටුණේය. [8] දූතයා ඔහුට කථාකොට: ඉඟටිය බැඳ, වහන් දමාගන්නැයි කීවේය. ඔහු එසේ කෙළේය. ඔබේ සළුව ඇඟලාගෙන මා පස්සේ එන්නැයි ඔහුට කීවේය. ඔහු පිටත්ව ඔහු පස්සෙන් ගියේය; [9] දූතයා විසින් කරනලද දේ ඇත්තක් බව ඔහු නොදැන, තමා දර්ශනයක් දකින්නේයයි සිතුවේය. [10] ඔවුන් පළමුවෙනි දෙවෙනි මුරපළවල් පසුකොට, නුවරට යන යකඩ දොරටුව ළඟට ගිය කල, ඒක ඔවුන්ට ඉබේම ඇරුණේය. ඔවුන් පිටතට ගොස් එක වීථියක් පසුකළ කෙණෙහිම දේවදූතයා ඔහු කෙරෙන් අහක්ව ගියේය. [11] පේතෘස් සිහි ලැබ කථාකොට: ස්වාමීන්වහන්සේ තමන් දූතයා එවා හෙරොද්ගේ අතින්ද යුදෙව් සෙනඟගේ මුළු බලාපොරොත්තුවෙන්ද මා මිදූ බව දැන් සැබවින් දනිමියි කීවේය. [12] ඔහු ඒ ගැන කල්පනාකොට මාර්ක් නම්ලත් යොහන්ගේ මවුවූ මරියාගේ ගෙදරට පැමිණියේය; එහි බොහෝ දෙනෙක් රැස්ව යාච්ඤාකරමින් සිටියෝය. [13] ඔහු පිට-දොරට තට්ටුකළ විට, රොදානම් තරුණියෙක් බලන්ට ආවාය. [14] ඈ පේතෘස්ගේ කටහඬ හැඳින, ප්‍රීතිය නිසා දොර නෑර, ඈ තුළට දිවගොස්, පේතෘස් දොරටුව ළඟ සිටින බව කීවාය. [15] ඔබට ඔල්මාදයයි ඔවහු කීවෝය. නුමුත් ඈ: ඒ ඔහුමයයි සහතිකකොට කීවාය. ඒ ඔහුගේ දූතයායයි ඔව්හු කීවෝය. [16] නුමුත් පේතෘස් තට්ටුකරමින් සිටියේය. ඔව්හු දොර හැරිය කල ඔහු දැක, විස්මිතවූහ. [17] නුමුත් ඔහු ඔවුන්ට නිශ්ශබ්දවෙන්ට අතින් සංඥාකොට, ස්වාමීන්වහන්සේ තමා හිරගෙයින් පිටතට ගෙනා හැටි ඔවුන්ට ප්‍රකාශකොට: යාකොබ්ටද සහෝදරයන්ටද මේ කාරණා දන්වන්නැයි කියා, පිටත්ව වෙන තැනකට ගියේය. [18] පහන්වූ කල, පේතෘස්ට කුමක් සිදුවීදැයි හේවායින් අතරේ මහත් කැලඹීමක් විය. [19] හෙරොද් ඔහු සොයා, සම්බ නොවූ කල, රැකවලුන්ගෙන් විචාරා, ඔවුන් මරන්ට අණකොට, යුදයෙන් කායිසාරියට ගොස්, එහි නැවතී සිටියේය. |
|
|
| [1] නුමුත් සාවුල් තව දුරටත් ස්වාමීන්වහන්සේගේ ගෝලයන්ට විරුද්ධව තර්ජනයකරමින්ද, ඔවුන් මරමියි කියමින්ද, උත්තම පූජකයා වෙතට ගොස්, [2] ඒ ලබ්ධි මාර්ගයට අයිති අයවලුන්ගෙන් පුරුෂයන් හෝ ස්ත්‍රීන් හෝ සම්බවුණොත් ඔවුන් බැඳ යෙරුසලමට ගෙන එන පිණිස දමස්කයේ සිනගෝගවලට ඔහුගෙන් ලියුම් ඉල්ලාගත්තේය. [3] තවද ඔහු ගමන්කොට දමස්කයට ළංවූ කල, හදිසියෙන් අහසින් ආලෝකයක් ඔහු අවට බැබළුණේය. [4] ඔහු බිම වැටුණේය, එවිට: සාවුල්, සාවුල්, ඔබ මට පීඩාකරන්නේ මක්නිසාදැයි තමාට කියන හඬක් ඔහුට ඇසුණේය. ස්වාමිනි, ඔබ කවුදැයි ඔහු ඇසීය. [5] උන්වහන්සේද: මම වනාහි ඔබ පීඩාකරන යේසුස්ය. [6] නුමුත් නැගිට නුවරට ඇතුල්වෙන්න, ඔබ විසින් කටයුතු දේ ඔබට කියනු ලබන්නේයයි කීසේක. [7] ඔහු සමඟ ගමන්කළ මනුෂ්‍යයන්ට ඒ හඬ ඇසුණ නුමුත්, ඔව්හු කිසිවෙකු නොදැක, කථාකරන්ට නොහැකිව සිටියෝය. [8] සාවුල් බිමෙන් නැගිට තමාගේ ඇස් ඇරිය කල, ඔහුට කිසිවක් පෙනුණේ නැත; ඔව්හු ඔහුගේ අත අල්ලා දමස්කයට ගෙනගියෝය. [9] ඔහු තුන් දවසක් ඇස් නොපෙනී, නොකා නොබී සිටියේය. [10] දමස්කයෙහි අනනියස් නම් එක්තරා ගෝලයෙක් සිටියේය; ස්වාමීන්වහන්සේ දර්ශනයකින්: අනනියස්නි කියා ඔහුට කීසේක. ස්වාමිනි, මම මෙහියයි ඔහු කීවේය. [11] ස්වාමීන්වහන්සේ ඔහුට කථාකොට: නැගිට සෘජු නම්වූ වීථියට ගොස්, තාර්සස්හි මනුෂ්‍යයෙක්වූ සාවුල් නම් කෙනෙකු ගැන යූදස්ගේ ගෙයි විභාගකරන්න. [12] මක්නිසාද ඔහු යාච්ඤාකරමින් සිටිනුයේ, තමාට පෙනීම ලැබෙන පිණිස අනනියස් නම් මනුෂ්‍යයෙක් පැමිණ තමා පිට අත් තබනවා දුටුවේයයි කීසේක. [13] එහෙත් අනනියස් උත්තරදෙමින්: ස්වාමිනි, මේ මනුෂ්‍යයා යෙරුසලමේදී ඔබගේ ශුද්ධවන්තයන්ට කොපමණ නපුරුකම් කළේදැයි බොහෝ දෙනෙකුගෙන් ඇසිමි. [14] මෙහිදීත්, ඔබගේ නාමයට යාච්ඤාකරන සියල්ලන් බඳින්ට නායක පූජකයන්ගෙන් බලය ලැබ සිටීයයි කීවේය. |
|
|
| මක්නිසාද මා පසුගිය කාලයේ යුදෙව්වරුන්ගේ ආගමෙහි හැසුරුණු අන්දම, එනම් දෙවියන්වහන්සේගේ සභාවට අප්‍රමාණ ලෙස පීඩාකොට එය නාස්තිකළ හැටි, ඔබ සැම ඇසුවහුය. |
|
|
| [8] තවද ස්මර්ණයෙහි සභාවේ දූතයාට මෙසේ ලියන්න: පළමුවෙනියාද අන්තිමයාද වන, මැරී ජීවත්වුණාවූ තැනන්වහන්සේ මේ කාරණා කියනසේක. [9] එනම්, මම ඔබේ පීඩාවද දිළිඳුකමද දනිමි (නුමුත් ඔබ ධනවත්ය), යුදෙව්වන් නොවන නුමුත් තුමූ යුදෙව්වෝයයි කියන සාතන්ගේ සිනගෝගයක්ව සිටින්නන්ගේ අපහාසයද දනිමි. [10] ඔබ විඳින්ට යන දේවලට භය නොවන්න. බලව, ඔබ සැම විමසනු ලබන පිණිස යක්ෂයා ඔබ සැමගෙන් සමහර දෙනෙකුන් හිරගෙයි දමන්ට යන්නේය; ඔබ සැම දස දවසක් පීඩා විඳින්නහුය. මරණය දක්වා විශ්වාසව සිටින්න, එවිට මම ජීවනයේ ඔටුන්න ඔබට දෙන්නෙමි. |
|
|
| [9] නාසරිය යේසුස්වහන්සේගේ නාමයට විරුද්ධව බොහෝ දේ මා විසින් කටයුතුයයි මමත් සිතුවෙමි. [10] එලෙසම යෙරුසලමේදීත් කෙළෙමි. නායක පූජකයන්ගෙන් බලය ලැබ, ශුද්ධවන්තයන්ගෙන් බොහෝ දෙනෙකු හිරගෙවල දැමුවෙමි, ඔවුන් මරණයට පත්කරන කල්හි ඊට කැමැත්තද දුනිමි. [11] තවද සියලු සිනගෝගවලදී නොයෙක්විට ඔවුන්ට දඬුවම්කරමින්, ඔවුන් ලවා අපහාසකරවන්ට උත්සාහකෙළෙමි; මම ඔවුන් ගැන අතිශයෙන් උමතුව සිට, අන් නුවරවල් දක්වාත් ඔවුන්ට පීඩාකෙළෙමි. |
|
|
| අපේම අත්වලින් වැඩකරමින් වෙහෙසෙමුව. නින්දා ලබන කල අපි ආශීර්වාදකරමුව; පීඩා ලබන කල අපි ඉවසමුව; |
|
|
| ඒ කාලය පමණේදී හෙරොද් රජ සභාවේ සමහරුන්ට පීඩා කරන්ට අත දිගුකෙළේය. |
|
|
| ජ්වලිතකම ගැන නම්, සභාවට පීඩාකෙළෙමි; ව්‍යවස්ථාවෙන් පැමිණෙන ධර්මිෂ්ඨකම ගැන නම්, නිර්දෝෂව සිටියෙමි. |
|