මාතෘකාව පිළිබඳ බයිබල් පදමාතෘකා දෙවියන් වහන්සේ ආශීර්වාද ඔබ මෙන් එන්න ආ ments ා ශාපය මූල්‍ය ආශිර්වාදය නිදහස් කැමැත්ත දෙවියන්ගේ කරුණාව දෙවියන්ගේ ප්‍රේමය දෙවියන්ගේ කැමැත්ත දෙවියන්ගේ වේලාව මම කවදාවත් ඔබව හැරයන්නේ නැ ආශ්චර්යයන් දෙවියන්ගේ නම් පූජා සැලසුම් ගැලවීම ලැබීම ත්‍රිත්වය වේලාව කොන්දේසි විරහිත ආදරය වෛරස් / රෝග දෙවියන් කවුද? හොඳ චරිතයක් පිළිගැනීම වැළකී සිටීම වගවීම නිර්භීතකම රැකබලා ගැනීම පිරිසිදුකම කැපවීම විශ්වාසය සෑහීමකට පත්වේ ධෛර්යය / නිර්භීතකම අනුකම්පාව විනය විශ්වාසය කෘත ful වෙනවා ආගන්තුක සත්කාරය නිහතමානී / නිහතමානිකම අවංක ගෞරවය අඛණ්ඩතාව කරුණාව ආදරය නිහතමානිකම දයාව ඉවසීම විශුද්ධිකරණය ස්වයං වාරණ විශ්වාසය නරක චරිතය කෝපය පාවාදීම හිරිහැර කිරීම තිත්තකම පැමිණිලි කිරීම ගැටුම බිය මෝඩයි කුහකයා ඊර්ෂ්‍යාව විනිශ්චය කම්මැලි අභිමානය පළිගැනීම / පළිගැනීම නිෂ් ity ලකම ප්රචණ්ඩත්වය පව් ගබ්සාව ඇබ්බැහි වීම කාමමිථ්‍යාචාරය ඇදහිල්ල අත්හැරීම ශාප කිරීම දික්කසාදය ඊර්ෂ්‍යාව වේශ්‍යාකම කෑදරකම ඕපාදූප කෑදරකම වෛරය රාගය බොරු කියනවා ස්වයංවින්දනය අතපසු කිරීම සොරකම ජීවිතය වයසට යාම සතුන් දරුකමට හදා ගැනීම උපන් දිනය අලංකාරය තනිව සිටීම ආලය මරණය අවපාතය බලාපොරොත්තු සුන්වීම විචාර බුද්ධිය ව්‍යායාම කරන්න ආචාර ධර්ම නිරාහාරව සිටීම ආදරය සොයා ගැනීම අවධානය යොමු කරන්න පවුලක් ආහාර වරද සෞඛ්‍යය සතුට නිරය වඳභාවය රැකියා අහිමිවීම අලාභය මානසික රෝග සංගීතය විවාහ දෙවියන්ට මුල් තැන දීම වේදනාව දෙමාපිය අරගලයක් ලිංගිකත්වය අත්හදා බැලීම් පරීක්ෂාව පිරිමින් සඳහා පදය කාන්තාවන් සඳහා පද යුද්ධය ධනය වැන්දඹුවන් පල්ලිය පල්ලියට යනවා යේසුස්ගේ උපත පල්ලියේ පීඩා උපස්ථායකවරු බොරු ගුරුවරු ස්වර්ගයට යාම ශුද්ධාත්මයාණන් මෙසියස් බයිබලයේ පාස්ටර්වරු දෙවියන්ට ප්‍රශංසා කිරීම උපමාවන් යේසුස්ගෙන් පෙන්තකොස්ත දවස භාෂාවලින් කථා කිරීම දසයෙන් කොටස නමස්කාරය කාන්තා භූමිකාවන් අභිරහස් පිටසක්වල ජීවීන් පිළිකා දෛවය ඩයිනෝසෝරයන් මකරා සිහින පැතලි / වටකුරු පෘථිවිය බයිබලයේ යෝධයෝ අවසාන දින / අනාගතය යුනිකෝන් දේවදූතයන් සහ භූතයන් අග්‍ර දේවදූතයන් දේවදූතයන් බෙල්සෙබුබ් භූතයන් ගාඩියන් ඒන්ජල්ස් ලුසිෆර් මායාකාරිය / මැජික් ගණිත සං .ා අංකය 3 අංකය 5 අංකය 7 අංකය 8 අංකය 10 අතිරේක මත්පැන් බහුලත්වය පිළිකුල් කිරීම බිඳුණු හදවත කැනිබල්වාදය මරණ දණ්ඩනය ඖෂධ නපුර හැඟීම් හැලොවීන් දුප්පතුන්ට උදව් කිරීම ගබ්සා වීම පොලිස් නිලධාරීන් සිදුරු කිරීම බහු විවාහය පුනර්ජීවනය දුක විද්‍යාව ආත්මාරක්ෂාව වහල්භාවය සියදිවි නසා ගැනීම දක්ෂතා පච්ච කාර්යය පල්ලිය: [ශුද්ධාත්මයාණන්] වීරාවලිය 3:10-14[10] ස්වාමීන්වහන්සේ ගේ ආත්මය ඔහු කෙරෙහි පැමිණියෙන්, ඔහු ඉශ්රායෙල්වරුන් විනිශ්චයකරමින් යුද්ධයට පිටත්ව ගියේය. ස්වාමීන්වහන්සේ මෙසොපොතාමියේ රජවූ කුෂන්-රිෂාතයිම් ඔහු අතට පාවාදුන්සේක. ඔහුගේ අත කුෂන්-රිෂාතයිම්ට විරුද්ධව ජයගත්තේය. [11] එවිට ඒ සතළිස් අවුරුද්දක් දේශය නිශ්චලව තිබුණාය. කෙනස්ගේ පුත්‍රවූ ඔත්නීයෙල්ද මළේය. [12] නැවත ඉශ්රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේ ගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කළෝය. ඔවුන් ස්වාමීන්වහන්සේ ගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කළ නිසා උන්වහන්සේ ඔවුන්ට විරුද්ධව මෝවබ්හි රජවූ එග්ලොන් බලවත් කළසේක. [13] ඔහු අම්මොන් සහ අමලෙක් පුත්‍රයන් රැස්කරවාගන ගොස් ඉශ්රායෙල්ට පහර දුන්නේය, ඔව්හු ඉඳිගස් නුවරද හිමිකරගත්තෝය. [14] ඉශ්රායෙල් පුත්‍රයෝ මෝවබ්හි රජවූ එග්ලොන්ට දසඅට අවුරුද්දක් සේවයකළෝය. ශුද්ධවර මතෙව් 12:31-33[31] එබැවින් මම ඔබ සැමට කියමි: හැම පාපයද දේව අපහාසයද මනුෂ්‍යයන්ට කමාකරනු ලබන්නේය; නුමුත් ශුද්ධාත්මයාණන්ට විරුද්ධවූ අපහාසය කමාකරනු නොලබන්නේය. [32] යමෙක් මනුෂ්‍ය පුත්‍රයාට විරුද්ධව වචනයක් කියන්නේද, ඒක ඔහුට කමාකරනු ලබන්නේය; නුමුත් යමෙක් ශුද්ධාත්මයාණන්ට විරුද්ධව කථාකරන්නේද, ඒක ඔහුට මේ ලෝකයේදීවත් මතු පැමිණෙන ලෝකයේදීවත් කමාකරනු නොලබන්නේය. [33] ගහත් ඒකේ ඵලත් යහපත්යයි පිළිගන්න; නොහොත් ගහත් ඒකේ ඵලත් නරකයයි පිළිගන්න. මක්නිසාද ගහ එකේ ඵල වලින් ඇඳිනගනු ලැබේ. ශුද්ධවර ලූක් 24:45-49[45] එවිට උන්වහන්සේ ඔවුන්ට ලියවිලි වැටහෙන පිණිස ඔවුන්ගේ සිත් පහදවා, [46] ඔවුන්ට කියනසේක්: මෙසේ ක්‍රිස්තුස්වහන්සේ වධවිඳින්ටත්, තුන්වෙනිදා මළවුන්ගෙන් නැගිටින්ටත්, [47] යෙරුසලමේ පටන් සියලු ජාතීන්ට පසුතැවිල්ල සහ පව්කමාවද උන්වහන්සේගේ නාමයෙන් ප්‍රකාශකරනු ලබන්ටත් යුතුයයි ලියා තිබේ. [48] ඔබ සැම මේ දේවලට සාක්ෂිකාරයෝය. [49] බලව, මම මාගේ පියාණන්වහන්සේගේ පොරොන්දුව ඔබ සැම වෙතට එවමි. නුමුත් ඉහළින් ඔබ සැම බලයෙන් සරසනු ලබන තුරු නුවර නැවතී සිටින්නැයි කීසේක. ශුද්ධවර ජොහන් 3:6-8[6] මාංසයෙන් උපදින දේ මාංසයය; ආත්මයාණන්ගෙන් උපදින දේ ආත්මයය. [7] ඔබ සැම අලුතෙන් උපදින්ට ඕනෑයයි මා කීවාට පුදුම නොවන්න. [8] හුළඟ කැමති කැමති තැනට ගසයි, එහි ශබ්දය ඔබට ඇසෙයි, නුමුත් කොතැනින් එන්නේද කියාවත් කොතැනට යන්නේද කියාවත් ඔබ දන්නේ නැත. ආත්මයාණන්ගෙන් ඉපිද සිටින සියල්ලෝම එසේමයයි කීසේක. රෝම 8:2-6[2] මක්නිසාද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළවූ ජීවනදායක ආත්මයාණන්වහන්සේගේ ව්‍යවස්ථාව පාපයේද මරණයේද ව්‍යවස්ථාවෙන් මා නිදහස්කළාය. [3] මක්නිසාද දෙවියන්වහන්සේ තමන්වහන්සේගේම පුත්‍රයාණන් පාපමාංසයේ සමානකමෙන්ද පාපය නිසාද එවා, මාංසයේ පාපය දඬුවමට පත්කරමින්, මාංසය කරණකොටගෙන දුර්වලවූ ව්‍යවස්ථාවට බැරිවූ දේ ඉෂ්ටකළසේක. [4] එසේ කළේ මාංසික ලෙස නොව ආත්මිකලෙස හැසිරෙන්නාවූ අප තුළ ව්‍යවස්ථාවේ නියෝගය සම්පූර්ණවෙන පිණිසය. [5] මක්නිසාද මාංසිකලෙස සිටින්නෝ මාංසික දේවලටද ආත්මිකලෙස සිටින්නෝ ආත්මික දේවලටද ඇලුම්වෙති. [6] මාංසයේ ඇල්ම මරණයය; නුමුත් ආත්මයේ ඇල්ම ජීවනය හා සමාදානයය. 2 කොරින්ති 5:16-18[16] එහෙයින් මෙතැන් පටන් අපි මාංසාකාරයෙන් කිසිවෙකු දැන නොගනිමුව. මාංසකාරයෙන් ක්‍රිස්තුස්වහන්සේ දැනගෙන සිටිය නුමුත් අපි දැන් තවත් එසේ දැන නොගනිමුව. [17] එබැවින් යමෙක් ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටින්නේ නම් ඔහු අලුත් මැවිල්ලක්ය. පරණ දේ පහව ගියේය; මෙන්න, සියල්ලම අලුත්වී තිබේ. [18] සියල්ල පැමිණෙන්නේ දෙවියන්වහන්සේගෙන්ය; උන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන තමන්වහන්සේට අප සමඟිකරගන, සමඟිකිරීමේ සේවය අපට දුන්සේක. 1 වංශාවලියේ 12:18-20[18] එවිට තිස්දෙනාගේ ප්‍රධානියාවූ අමාසයි පිටට ආත්මය පැමිණ ඔහු කියනුයේ: දාවිත්නි, අපි ඔබේ පක්ෂයටද, යෙස්සේගේ පුත්‍රය, අපි ඔබ සමඟද සිටින්නෙමුව. සමාදානය, සමාදානයම ඔබට වේවා, ඔබට උපකාරකරන්නන්ටත් සමාදානය වේවා; මක්නිසාද ඔබේ දෙවියන්වහන්සේ ඔබට උපකාරකරනසේකැයි කීවේය. එවිට දාවිත් ඔවුන් පිළිගෙන හමුදාවේ ප්‍රධානීන් කෙළේය. [19] තවද දාවිත් පිලිස්තිවරුන් සමඟ සාවුල්ට විරුද්ධව සටනට ගිය විට මනස්සේවරුන්ගෙන් සමහරෙකුත් ඔහුට එකතුවුණෝය, නුමුත් ඔව්හු පිලිස්තිවරුන්ට උපකාර නොකළෝය. මක්නිසාද පිලිස්තිවරුන්ගේ අධිපතීහු මන්ත්‍රණයකොට: ඔහු අපේ හිස් අන්තරායට පැමිණෙන ලෙස තමාගේ ස්වාමියාවූ සාවුල්ට එකතුවෙනවා ඇතැයි කියා ඔහු යන්ට හැරියෝය. [20] එසේ ඔහු ශික්ලග්ට යද්දී මනස්සේවරුන්ගෙන් සහස්‍රාධිපතියෝවූ අද්නාද යෝසාබාද්ද යෙදීයයෙල්ද මීකායෙල්ද යෝසාබාද්ද එලීහුද ශිල්ලෙතයිද ඔහුට එකතුවුණෝය. ගීතාවලිය 52:1-3[1] නායක වාද්‍යකරුටයි. දාවිත් අහිමෙලෙක්ගේ ගෙදරට ඇතුල්වීයයි ඒදොමිය දොවෙග් විත් සාවුල්ට දැන්වුවාට පසු දාවිත් ලියූ අනුශාසනාවකි. එම්බා බලවන්තය, ඔබ නපුරු ක්‍රියායෙහි කුමට පාරට්ටුකරගන්නෙහිද? දෙවියන්වහන්සේගේ කරුණාව නිතරම පවත්නේය. [2] ඔබේ දිව තියුණු දැළි පිහියකට සමානව රැවටිලිකරමින්, දුෂ්ටකමම යෝජනාකරයි. [3] ඔබ යහපතට වඩා නපුරටත් ධර්මිෂ්ඨකම කථාකිරීමට වඩා බොරු කීමටත් ප්‍රිය ඇත්තෙහිය. මීකා 3:8-10[8] එහෙත් මම වනාහි යාකොබ්ට ඔහුගේ වරදත් ඉශ්රායෙල්ට ඔහුගේ පාපයත් දන්වන්ට ස්වාමීන්වහන්සේ ගේ ආත්මය ඇතුව, බලයෙන්ද යුක්තියෙන්ද ධෛර්යයෙන්ද පූර්ණව සිටිමි. [9] යුක්තියට පිළිකුල්කොට, සියලු යුතුකම් පෙරළා, සියොන් ලේවලින්ද යෙරුසලම අධර්මිෂ්ඨකමෙන්ද ගොඩනගන්නාවූ, [10] යාකොබ්ගේ වංශයේ ප්‍රධානියෙනි, ඉශ්රායෙල් වංශයේ ආණ්ඩුකාරයෙනි, මේක අසන්න. ක්‍රියා 2:1-5[1] තවද පෙන්තකොස්ත දවස පැමිණි කල ඔවුන් සියල්ලෝ එකතැනක රැස්ව සිටියෝය. [2] තද හුළඟක් හමන්නාක්මෙන් ශබ්දයක් අහසෙන් හදිසියෙන් පැමිණ, එයින් ඔවුන් හිඳගෙන උන්නාවූ මුළු ගෙය පිරුණේය. [3] ගිනි වැනිවූ දිව් බෙදී යනවා ඔවුන්ට පෙනුණේය; එය ඔවුන් එක්එක්කෙනා කෙරෙහි පිහිටුණේය. [4] ඔවුන් සියල්ලෝ ශුද්ධාත්මයෙන් පූර්ණව, ආත්මයාණන් ඔවුන්ට කථාකරන්ට පුළුවන්කම දුන් ප්‍රකාරයට අන්‍ය භාෂාවලින් කථාකරන්ට පටන්ගත්තෝය. [5] එකල අහසින් යට තිබෙන සියලු දේශවලින් ආවාවූ භක්තිවන්ත යුදෙව්වරු යෙරුසලමේ වාසයකරමින් සිටියෝය. ශුද්ධවර ලූක් 24:45-47[45] එවිට උන්වහන්සේ ඔවුන්ට ලියවිලි වැටහෙන පිණිස ඔවුන්ගේ සිත් පහදවා, [46] ඔවුන්ට කියනසේක්: මෙසේ ක්‍රිස්තුස්වහන්සේ වධවිඳින්ටත්, තුන්වෙනිදා මළවුන්ගෙන් නැගිටින්ටත්, [47] යෙරුසලමේ පටන් සියලු ජාතීන්ට පසුතැවිල්ල සහ පව්කමාවද උන්වහන්සේගේ නාමයෙන් ප්‍රකාශකරනු ලබන්ටත් යුතුයයි ලියා තිබේ. 1 ජොහන් 2:19-27[19] නුමුත් ඔවුන් අපට අයිතිව සිටියේ නැත; ඔවුන් අපට අයිතිව සිටියා නම් අප සමඟ පවතිනවා ඇත. නුමුත් ඔවුන් සියල්ලන්ම අපට අයිති නැති බව ප්රකාශවන පිණිස ඔව්හු අපෙන් අහක්ව ගියෝය. [20] ඔබ සැම ශුද්ධ තැනන්වහන්සේගෙන් ආලේපයක් ලැබ සියලු දේම දනිහුය. [21] මා ඔබ සැමට ලියා එවුවේ ඔබ සැම සැබෑව නොදන්නා බැවින් නොව, ඔබ සැම සැබෑව දන්න නිසාත් සැබෑවෙන් කිසි බොරුවක් හට නොගන්න නිසාත්ය. [22] යේසුස්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ නොවේයයි කියන තැනැත්තා මිස බොරුකාරයා වෙන කවුද? විරුද්ධ-ක්‍රිස්තුස් මේය, එනම්, පියාණන්වහන්සේ සහ පුත්‍රයාණන්වහන්සේ එපා කරන තැනැත්තාමය. [23] යමෙක් පුත්‍රයාණන්වහන්සේව එපාකරන්නේද, ඔහුට පියාණන්වහන්සෙත් නැත්තේය. යමෙක් පුත්‍රයාණන්වහන්සේව පිළිගන්නේද, ඔහුට පියාණන්වහන්සෙත් ඇත්තේය. [24] ඔබ සැම පටන්ගැන්මේ සිට ඇසූදේම ඔබ සැම තුළ පවතීවා. පටන්ගැන්මේ සිට ඔබ සැම ඇසූ දේ ඔබ සැම තුළ පවතී නම්, ඔබ සැමත් පුත්‍රයාණන්වහන්සේද පියාණන්වහන්සේද තුළ පවතින්නහුය. [25] උන්වහන්සේ අපට පොරොන්දුවූ පොරොන්දුව නම් සදාකාල ජීවනයය. [26] මා ඔබ සැමට මේ කාරණා ලියුවේ ඔබ සැම මුළාකරන්ට හදන අය ගැනය. [27] ඔබ සැම ගැන වනාහි, ඔබ සැම උන්වහන්සේගෙන් ලැබූ ආලේපය ඔබ සැම තුළ පවතින්නේය, යමෙකු විසින් ඔබ සැමට ඉගැන්වීම ඕනෑකරන්නේ නැත; එම ආලේපය සියල්ල ගැන ඔබ සැමට උගන්වන ලෙසද, එය බොරු නොව සත්යව තිබෙන ලෙසද, එයින් ඔබ සැමට ඉගැන්නූ ප්‍රකාරයටද උන්වහන්සේ තුළ පැවතෙන්න. Sinhala Bible SROV Ceylon Bible Society