මාතෘකාව පිළිබඳ බයිබල් පදමාතෘකා දෙවියන් වහන්සේ ආශීර්වාද ඔබ මෙන් එන්න ආ ments ා ශාපය මූල්‍ය ආශිර්වාදය නිදහස් කැමැත්ත දෙවියන්ගේ කරුණාව දෙවියන්ගේ ප්‍රේමය දෙවියන්ගේ කැමැත්ත දෙවියන්ගේ වේලාව මම කවදාවත් ඔබව හැරයන්නේ නැ ආශ්චර්යයන් දෙවියන්ගේ නම් පූජා සැලසුම් ගැලවීම ලැබීම ත්‍රිත්වය වේලාව කොන්දේසි විරහිත ආදරය වෛරස් / රෝග දෙවියන් කවුද? හොඳ චරිතයක් පිළිගැනීම වැළකී සිටීම වගවීම නිර්භීතකම රැකබලා ගැනීම පිරිසිදුකම කැපවීම විශ්වාසය සෑහීමකට පත්වේ ධෛර්යය / නිර්භීතකම අනුකම්පාව විනය විශ්වාසය කෘත ful වෙනවා ආගන්තුක සත්කාරය නිහතමානී / නිහතමානිකම අවංක ගෞරවය අඛණ්ඩතාව කරුණාව ආදරය නිහතමානිකම දයාව ඉවසීම විශුද්ධිකරණය ස්වයං වාරණ විශ්වාසය නරක චරිතය කෝපය පාවාදීම හිරිහැර කිරීම තිත්තකම පැමිණිලි කිරීම ගැටුම බිය මෝඩයි කුහකයා ඊර්ෂ්‍යාව විනිශ්චය කම්මැලි අභිමානය පළිගැනීම / පළිගැනීම නිෂ් ity ලකම ප්රචණ්ඩත්වය පව් ගබ්සාව ඇබ්බැහි වීම කාමමිථ්‍යාචාරය ඇදහිල්ල අත්හැරීම ශාප කිරීම දික්කසාදය ඊර්ෂ්‍යාව වේශ්‍යාකම කෑදරකම ඕපාදූප කෑදරකම වෛරය රාගය බොරු කියනවා ස්වයංවින්දනය අතපසු කිරීම සොරකම ජීවිතය වයසට යාම සතුන් දරුකමට හදා ගැනීම උපන් දිනය අලංකාරය තනිව සිටීම ආලය මරණය අවපාතය බලාපොරොත්තු සුන්වීම විචාර බුද්ධිය ව්‍යායාම කරන්න ආචාර ධර්ම නිරාහාරව සිටීම ආදරය සොයා ගැනීම අවධානය යොමු කරන්න පවුලක් ආහාර වරද සෞඛ්‍යය සතුට නිරය වඳභාවය රැකියා අහිමිවීම අලාභය මානසික රෝග සංගීතය විවාහ දෙවියන්ට මුල් තැන දීම වේදනාව දෙමාපිය අරගලයක් ලිංගිකත්වය අත්හදා බැලීම් පරීක්ෂාව පිරිමින් සඳහා පදය කාන්තාවන් සඳහා පද යුද්ධය ධනය වැන්දඹුවන් පල්ලිය පල්ලියට යනවා යේසුස්ගේ උපත පල්ලියේ පීඩා උපස්ථායකවරු බොරු ගුරුවරු ස්වර්ගයට යාම ශුද්ධාත්මයාණන් මෙසියස් බයිබලයේ පාස්ටර්වරු දෙවියන්ට ප්‍රශංසා කිරීම උපමාවන් යේසුස්ගෙන් පෙන්තකොස්ත දවස භාෂාවලින් කථා කිරීම දසයෙන් කොටස නමස්කාරය කාන්තා භූමිකාවන් අභිරහස් පිටසක්වල ජීවීන් පිළිකා දෛවය ඩයිනෝසෝරයන් මකරා සිහින පැතලි / වටකුරු පෘථිවිය බයිබලයේ යෝධයෝ අවසාන දින / අනාගතය යුනිකෝන් දේවදූතයන් සහ භූතයන් අග්‍ර දේවදූතයන් දේවදූතයන් බෙල්සෙබුබ් භූතයන් ගාඩියන් ඒන්ජල්ස් ලුසිෆර් මායාකාරිය / මැජික් ගණිත සං .ා අංකය 3 අංකය 5 අංකය 7 අංකය 8 අංකය 10 අතිරේක මත්පැන් බහුලත්වය පිළිකුල් කිරීම බිඳුණු හදවත කැනිබල්වාදය මරණ දණ්ඩනය ඖෂධ නපුර හැඟීම් හැලොවීන් දුප්පතුන්ට උදව් කිරීම ගබ්සා වීම පොලිස් නිලධාරීන් සිදුරු කිරීම බහු විවාහය පුනර්ජීවනය දුක විද්‍යාව ආත්මාරක්ෂාව වහල්භාවය සියදිවි නසා ගැනීම දක්ෂතා පච්ච කාර්යය පල්ලිය: [පාස්ටර්වරු] 2 තිමෝති 4:2වචනය දේශනා කරන්න; කලටත් අකලටත් වැඩේ යෙදී සිටින්න; සියලු ආකාර ඉවසිලිවන්තකමෙන් සහ ඉගැන්වීමෙන් තරවටුකර, අවවාදකර, අනුශාසනාකරන්න කියාය.ක්‍රියා 20:28දෙවියන්වහන්සේ විසින් තමන්ගේම රුධිරයෙන් මිලේට ගත් තමන්ගේ සභාව පෝෂණයකරන්ට ශුද්ධාත්මයාණන් වහන්සේ යම් රැළෙක්හි ඔබ සැම නායකයන් කොට නියමකළසේක්ද, ඒ මුළු රැළ ගැනත් ඔබ සැමම ගැනත් ප්‍රවේසම්වෙන්න.හෙබ්‍රෙව් 13:17ඔබ සැමගේ ප්‍රධානියෝ ගණන්දෙන්ට සිටින්නන් මෙන් ඔබ සැමගේ ආත්ම ගැන රැකබලා සිටිති. ඔවුන් සුසුම්ලමින් එසේ කළොත් ඔබ සැමට අලාභ බැවින්, සුසුම්ලමින් නොව ප්‍රීතියෙන් එසේ කරන පිණිස ඔවුන්ට කීකරුව යටත්වෙන්න.ජාකොබ් 3:1මාගේ සහෝදරයෙනි, (ගුරුවරු වන) අපට, වඩා බරපතළ විනිශ්චය පැමිණෙන බව දැන, බොහෝ දෙනෙක් ගුරුවරු වෙන්ට නොසොයන්න,ජෙරමියා 3:15මාගේ සිතට එකඟවූ එඬේරුන්ද ඔබ සැමට දෙන්නෙමි, ඔවුන් දැනගැන්මෙන්ද නුවණින්ද ඔබ සැම පෝෂ්‍යකරනවා ඇත.හිතෝපදේශ 23:27මක්නිසාද වේශ්‍යාවක් වනාහි ගැඹුරු අගළක්ය; අන් ස්ත්‍රියද පටු වළක්ය. එපීස 4:11-12[11] උන්වහන්සේ සමහරුන් ප්‍රේරිතයන්ද සමහරුන් අනාගතවක්තෘවරුන්ද සමහරුන් ශුභාරංචිය ප්‍රකාශකරන්නන්ද සමහරුන් සභාපාලකයන්ද සමහරුන් ගුරුවරුන්ද කොට දුන්සේක. [12] එසේ දුන්නේ ඇදහිමේද දෙවියන්වහන්සේගේ පුත්‍රයා දැනගැනීමේද එකමුතුකමටත්, සම්පූර්ණ පුරුෂකමටත්, ක්‍රිස්තුස්වහන්සේගේ සම්පූර්ණවූ උස මහතේ ප්‍රමාණයටත් අප සියල්ලන් පැමිණෙන තෙක්, 1 පේදුරු 5:1-4[1] ඉතින් වැඩිමහල්ලෙක්ද ක්‍රිස්තුස්වහන්සේගේ දුක්විඳීමට සාක්ෂිකාරයෙක්ද එළිදරව්වෙන්ට තිබෙන තේජසට පංගුකාරයෙක්ද වන මම, ඔබ සැම අතරේ සිටින වැඩිමහල්ලන්ට අනුශාසනාකරමි. [2] ඔබ සැම අතරෙහි සිටින දෙවියන්වහන්සේගේ රැළ බලාගනිමින්, බලහත්කාරය නිසා නොව දේව කැමැත්ත ලෙස සතුටු සිතින්ද, නින්දිත ලාභය නිසා නොව මනාප සිතකින්ද, [3] ඔබ සැමගේ භාරයට දෙනලද්දවුන් කෙරෙහි අධිපතිකම්කරන්නාක්මෙන් නොව ඔබ සැමම රැළට ආදර්ශව සිටිමින්ද එය රැකබලාගන්න. [4] එවිට ප්‍රධාන එඬේරාණන් ප්රකාශවන කල්හි ඔබ සැම තේජසේ නොමැළවෙන්නාවූ ඔටුන්න ලබන්නහුය. තීතස් 1:5-9[5] මා එන විට ඔබ ක්‍රීතෙහි නැවැත්වූ කාරණය නම්, අඩුව තිබුණූ දේවල් ඔබ විසින් පිළිවෙළට යොදන පිණිසත් මා ඔබට ආඥාකළ ලෙස නුවරක් පාසා වැඩිමහල්ලන් පත්කරන පිණිසත්ය; [6] පත්වෙන අය වනාහි නිදොස්ව, එක භාර්යාවකට පුරුෂයාව, අවකල් ක්‍රියාව ගැන දෝෂාරෝපණය නොලත් කීකරුවූ ඇදහිලිවන්ත දරුවන් ඇතුව සිටින්ට ඕනෑය. [7] මක්නිසාද නායකයා දෙවියන්වහන්සේගේ ගබඩාකාරයෙක්මෙන් නිදොස්වූ, හිතුවක්කාර නොවූ, නොකිපෙන්නාවූ, බේබද්දෙක් නොවූ, ගහගන්නෙක් නොවූ, නින්දිත ලාභයට ගිජු නොවූ, [8] ආගන්තුක සත්කාරයට කැමතිවූ, යහපතට ප්‍රේමකරන්නාවූ, සන්සුන් සිතක් ඇත්තාවූ, ධර්මිෂ්ඨවූ, ශුද්ධවූ, පමණ දැන ක්‍රියාකරන්නාවූ කෙනෙක්ව සිටින්ට ඕනෑය. [9] තවද ඔහු සාරවත් ගුරුකමින් අවවාදකරන්ටත් විරුද්ධවාදීන් නිශ්ශබ්දකරන්ටත් පුළුවන්වන පිණිස ඉගැන්වීමට එකඟවූ විශ්වාස වචනය තදින් අල්ලාගෙන සිටින්ට ඕනෑය. එසකියෙල්ගේ 34:1-10[1] තවද ස්වාමීන්වහන්සේ ගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ: [2] මනුෂ්‍ය පුත්‍රය, ඉශ්‍රායෙල්ගේ එඬේරුන්ට විරුද්ධව අනාගතවාක්‍ය කියන්න. අනාගතවාක්‍ය කියමින්: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔවුන්ට, එනම් එඬේරුන්ට කියන්න. තමුන්ම පෝෂ්‍යකරගන්න ඉශ්රායෙල් එඬේරුන්ට දුක්වේ! එඬේරුන් විසින් බැටළුවන් පෝෂ්‍ය කළ යුතු නොවේද? [3] ඔබ සැම තෙල කති, ලෝම ඇඳගනිති, තර එවුන් මරති; එහෙත් ඔබ සැම බැටළුවන් පෝෂ්‍ය කරන්නේ නැත. [4] දුර්වල එවුන් ඔබ සැම විසින් ශක්තිමත් කළේවත්, ලෙඩවූ එකාට සුවකළේවත්, පොඩිවූ එකාගේ තුවාල බැන්දේවත්, පන්නාදමනු ලැබූ එකා නැවත ගෙනාවේවත්, නැතිවුණ එකා සෙවුවේවත් නැත; බලාත්කාරකමින්ද සැරකමින්ද ඔබ සැම උන් ආණ්ඩුකළහුය. [5] එඬේරෙක් නැතුව උන් විසිර ගොස් වනයේ සියලු සත්වයන්ට ගොදුරු වූවෝය, උන් විසිරගියෝය. [6] මාගේ බැටළුවෝ සියලු කඳුවලද උස්වූ සියලු හෙල් පිටද මුළාවගියෝය. එසේය, මුළු පොළෝතලයෙහි මාගේ බැටළුවෝ විසිරගියෝය; උන් සොයන්ට හෝ බලන්ට හෝ කිසිවෙක් නොවීය. [7] එබැවින් එඬේරුනි, ස්වාමීන්වහන්සේ ගේ වචනය අසන්න. [8] ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මා ජීවමාන බව සැබෑවා සේම, එඬේරෙක් නැතුව මාගේ බැටළුවන් ගොදුරු වෙන්ටත් බැද්දේ සියලු මෘගයන්ට මාගේ බැටළුවන් කෑම වෙන්ටත් යෙදුණු නිසාද මාගේ එඬේරුන් මාගේ බැටළුවන් ගැන විභාගකරන්නේවත් මාගේ බැටළුවන් පෝෂ්‍යකරන්නේවත් නැතුව තමුන්ම පෝෂ්‍යකරගත් නිසාද, [9] එඬේරුනි, ස්වාමීන්වහන්සේ ගේ වචනය අසන්න; [10] ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම එඬේරුන්ට විරුද්ධව සිට, මාගේ බැටළුවන් ඔවුන් අතින් අයකර, බැටළුවන් පෝෂ්‍යකිරීමෙන් ඔවුන් නවත්වන්නෙමි; තවත් තමුන්ම පෝෂ්‍යකරගන්ට එඬේරුන්ට නොලැබෙන්නේය; මාගේ බැටළුවන් ඔවුන්ට ගොදුරු නොවන ලෙස මම ඔවුන්ගේ කටින් උන් ගළවාගන්නෙමි. 1 තිමෝති 3:1-13[1] යමෙක් සභාවේ නායක තනතුර ලබන්ට ආශාවන්නේ නම් ඔහු යහපත් වැඩකට ආශාවන්නේය යනු විශ්වාසවූ කීමක්ය. [2] එහෙයින් නායක තෙමේ නිර්දෝෂවූ, එක භාර්යාවකට පුරුෂයාවූ, පමණ දැන හැසිරෙන්නාවූ, සිහියද පිළිවෙලක්ද ඇත්තාවූ, ආගන්තුක සත්කාරයට කැමතිවූ, උගන්වන්ට සමර්ථවූ කෙනෙක්ව සිටින්ට ඕනෑය. [3] ඔහු බේබද්දෙක් නොවූ, ගහගන්නෙක් නොවූ, ඉවසිලිවන්තවූ, ඩබරකාරයෙක් නොවූ, වස්තු තෘෂ්ණාව නැත්තාවූ, [4] තමාගේම පවුල හොඳින් හසුරුවාගනිමින්, සියලු ආකාර සන්සුන්කම ඇතුව ස්වකීය දරුවන් හික්මවාගන්නාවූ තැනැත්තෙක්ව සිටිය යුතුය. [5] (නුමුත් යමෙක් තමාගේම පවුල හසුරුවාගන්ට නොදන්නේ නම් ඔහු දෙවියන්වහන්සේගේ සභාව ප්‍රවේසම්කරන්නේ කෙසේද?) [6] ඔහු උඩඟුවී යක්ෂයාට පැමිණි දඬුවමට නොවැටෙන පිණිස අලුත් ගෝලයෙක් නොවිය යුතුය. [7] ඇරත් නින්දාවටද යක්ෂයාගේ මලපතටද නොවැටෙන පිණිස ඔහු පිටත අයවලුන්ගෙන් යහපත් සාක්ෂි ඇතුව සිටින්ට ඕනෑය. [8] එසේම උපස්ථායකයන් සන්සුන්වූ, දෙයාකාර කථා නැත්තාවූ, බොහෝ මුද්‍රිකපානයට ඇලුම් නොවූ, නින්දිත ලාභයට ගිජු නොවූ, [9] ඇදහිල්ලේ රහස පිරිසිදු හෘදයසාක්ෂියකින් දරන්නාවූ අයවල්ව සිටින්ට යුතුය. [10] තවද ඔව්හුද පළමුකොට සෝදිසිකරනු ලැබ, ඉන්පසු නිදොස්නම්, උපස්ථායකයන් මෙන් මෙහෙකරත්වා. [11] එසේම ස්ත්‍රීවරුන් සන්සුන්වූ, කේලාම් නොකියන්නාවූ, පමණ දැන හැසිරෙන්නාවූ, සියල්ලේදී විශ්වාසවූ අයව සිටින්ට ඕනෑය. [12] උපස්ථායකයෝ වනාහි එක එක භාර්යාවකට පුරුෂයෝව, තමුන්ගේ දරුවන්ද තමුන්ගේ ගෙදරවාසීන්ද හොඳහැටි හසුරුවාගන්නෝව සිටිත්වා. [13] මක්නිසාද උපස්ථායකයන්ව යහපත්ලෙස සේවයකළාවූ අය තමුන්ටම උසස් තත්වයක්ද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තිබෙන ඇදහිල්ලෙහි බොහෝ නිසැකකමද ලබාගනිති. Sinhala Bible SROV Ceylon Bible Society