|
| නුමුත් දෙවියන්වහන්සේ ප්‍රඥාවන්තයන් ලජ්ජාවට පමුණුවන පිණිස ලෝකයේ මෝඩ දේවල් තෝරාගත්සේක; දෙවියන්වහන්සේ ශක්තිමත් දේ ලජ්ජාවට පමුණුවන පිණිස ලෝකයේ දුර්වල දේවල් තෝරාගත්සේක; |
|
|
| දරුවන් වෙනුවට පියවරුවත් පියවරුන් වෙනුවට දරුවෝවත් මරනු නොලැබෙත්වා. එක් එක්කෙනා තම තමාගේ පාපය නිසා මරනු ලැබේවා. |
|
|
| මා විසින් ජීවනය හා මරණයද ආශීර්වාදය හා ශාපයද ඔබ සැම ඉදිරියෙහි තැබූ බවට අද ඔබ සැමට විරුද්ධව සාක්ෂි පිණිස අහසටත් පොළොවටත් හඬගසමි. එබැවින් ඔබත් ඔබේ වංශයත් ජීවත්ව සිටින පිණිස ජීවනය තෝරාගෙන, |
|
|
| නුමුත් මවුකුස පටන් මා වෙන්කළාවූද තමන්ගේ කරුණාව කරණකොටගෙන මා කැඳෙවුවාවූද දෙවියන්වහන්සේ තමන්ගේ පුත්‍රයාණන්වහන්සේ ගැන අන්‍යජාතීන් අතරේ මා විසින් දේශනාකරන පිණිස, |
|
|
| මම, මමම, මා නිසා ඔබේ පාපවල් සිහි නොකොට, ඔබේ වරද මකාදමන තැනන්වහන්සේය. |
|
|
| ඔබේ මිදුම්කාරයාවූ, කුසේ පටන් ඔබ සෑදුවාවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ස්වාමීවූ මම සියල්ලම කරන්නාවූ තැනන්වහන්සේය; මම වනාහි තනියම ආකාශ මණ්ඩලය දිග හරින්නාවූ, අන් කිසිවෙකු නැතුව පොළොව අතුරන්නාවූ තැනන්වහන්සේය. |
|
|
| ඒ ප්‍රේමවන්තයාණන්වහන්සේ තුළ, උන්වහන්සේගේ කරුණාවේ සම්පතේ ප්‍රකාරයට, උන්වහන්සේගේ ලේ කරණකොටගෙන අපේ මිදීම වන අපේ වරදවලට කමාව අපට ඇත්තේය. |
|
|
| එවිට ස්වාමීන්වහන්සේ කථාකොට: මනුෂ්‍යයාගේ මුඛය සෑදුවේ කවුද? නොහොත් ගොළුවෙක් හෝ බිහිරෙක් කොට මනුෂ්‍යයෙකු මවන්නෙත් යමෙකුට පෙනෙන්ට හෝ අන්ධවෙන්ට හෝ සලස්වන්නෙත් කවුද? ස්වාමීන්වහන්සේ වන මම නොවේද? |
|
|
| ඉතින් ස්වාමීන්වහන්ස, ඔබ අපේ පියාණෝය, අපි මැටිය. ඔබ අපේ කුම්භකාරයාය; අපි සියල්ලෝ ඔබගේ අතේ කර්මාන්තයය. |
|
|
| මම ඔබ ගර්භයෙහි සාදන්ට පළමුවෙන් ඔබ හඳුනාගෙන සිටියෙමි, ඔබ කුසෙන් නික්මෙන්ට පළමුවෙන් මම ඔබ කැපකොට, ජාතීන්ට අනාගතවක්තෘ කෙනෙකු කොට ඔබ නියමකෙළෙමියි කීය. |
|
|
| ස්වාමීන්වහන්සේ දෙවියන්වහන්සේ බව දැනගනිව්. උන්වහන්සේ අප මැවූසේක, අපි උන්වහන්සේගේය; අපි උන්වහන්සේගේ සෙනඟය, උන්වහන්සේගේ ගොදුරුබිමේ බැටළුවෝය. |
|
|
| බලව, දරුවෝ ස්වාමීන්වහන්සේ දෙන උරුමයක්ය. කුසේ ඵලයද උන්වහන්සේගෙන් ලැබෙන විපාකයක්ය. |
|
|
| [6] තවද ඔවුන් එහි සිටියදී ඇගේ බිහිකරන කාලය සම්පූර්ණවිය. [7] ඈ කුලුඳුල් පුත්‍රයා බිහිකර, රෙදිවලින් ඔතා, නවාතැන් ගෙයි ඔවුන්ට ඉඩ නොතිබුණු බැවින් ගවයන් කන ඔරුවක බෑවුවාය. |
|
|
| [3] අපගේ ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියවූ දෙවියන්වහන්සේට ප්‍රශංසාවේවා. මක්නිසාද උන්වහන්සේ ඉදිරිපිට ප්‍රේමයෙන් ශුද්ධව, නොකැලැල්ව සිටින පිණිස, [4] ලෝකය මැවීමට ප්‍රථමයෙන් ක්‍රිස්තුස්වහන්සේ තුළ අප තෝරාගත් ලෙසම, උන්වහන්සේ තුළ ස්වර්ගීය ස්ථානවල සියලු ආත්මික ආශීර්වාදවලින් උන්වහන්සේ අපට ආශීර්වාද කළසේක. |
|
|
| [19] නොහොත් ඔබ සැමගේ ශරීරය දෙවියන්වහන්සේගෙන් ලැබූ, ඔබ සැම තුළ ඇත්තාවූ ශුද්ධාත්මයාණන්වහන්සේගේ මාළිගාව බව නොදනිවුද? [20] ඔබ සැම ඔබ සැමටම අයිති නැත; මක්නිසාද ඔබ සැම මිලේටගනු ලැබුවහුය. එබැවින් ඔබ සැමගේ ශරීරයෙන් දෙවියන්වහන්සේට ගෞරවකරන්න. |
|
|
| [9] තමාගේ මැවුම්කාරයා හා සමඟ පොරට සිටින්නාට දුක්වේ! මැටි කැබිලිති අතරේවූ කැබිලිත්තක හැටි! ඔබ හදන්නේ මොකක්ද කියා මැටි ඒවා අඹන්නාට කියන්ටවත් ඔබ හැදූ දෙය විසින්: ඔහුට අත් නැතැයි කියන්ටවත් යුතුද? [10] ඔබ ජාතකකරන්නේ මොකක්දැයි පියෙකුටවත් ඔබ බිහිකරන්නේ කුමක්දැයි ස්ත්‍රියෙකුටවත් කියන්නාට දුක්වේ. [11] ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේද ඔහුගේ මැවුම්කාරයාද වූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මතු පැමිණෙන දේ ගැන මාගෙන් අසන්න; මාගේ පුත්‍රයන් ගැනද මාගේ අතේ ක්‍රියාවල් ගැනද මට අණකරන්න. |
|
|
| [22] මනුෂ්‍යයන් ඩබරකරන කොට ගර්භිණියක් ගබ්සාවන ලෙස යමෙක් ඈට ගැසුවොත්, අනතුරක් සිදුනූණත්, ඇගේ පුරුෂයා නියමකරන හැටියට සැබවින් ඔහු දඩගසනු ලැබ විනිශ්චයකාරයන් විසින් නියමකරන ලෙස ගෙවිය යුතුය. [23] නුමුත් යම් අනතුරක් සිදුවුණොත්, [24] ප්‍රාණයට ප්‍රාණයත් ඇසට ඇසත් දතට දතත් අතට අතත් පයට පයත් [25] දැවීමට දැවීමත් තුවාලයට තුවාලයත් පහරට පහරත් දිය යුතුය. |
|
|
| [13] මක්නිසාද ඔබ මාගේ හදවත හිමිකරගත්සේක. මාගේ මවු කුසෙහි මා වැසූසේක. [14] මම ඔබට ස්තුතිකරන්නෙමි; මක්නිසාද මම භයානකලෙසත් පුදුම ලෙසත් සාදනලද්දෙමි. ඔබගේ කර්මාන්ත ආශ්චර්යමත්ය; මාගේ ආත්මයද ඒ බව මනාකොට දනියි. [15] මා රහසින් මවනු ලැබ, පොළොවේ ගැඹුරු තැන්වල පුදුමාකාරයෙන් තනනු ලැබූ කල, මාගේ ශරීරරූපය ඔබගෙන් සැඟවී නොතිබුණේය. [16] ඔබගේ ඇස්වලට මාගේ ශරීර ධාතුව පෙනුණේය, ඔබගේ පොතෙහි මාගේ සියලු අවයවයෝ ලියනලද්දෝය. ඒවායින් එකක්වත් නැති කල්හි දවසින් දවස ඒවා සාදනලද්දේය. |
|
|
| [41] එලිසබෙත් මරියාගේ ආචාර බස් ඇසූ කල ඇගේ කුසෙහි දරුවා පැන නැංගේය. එවිට එලිසබෙත් ශුද්ධාත්මයෙන් පූර්ණව, [42] මහත් ශබ්දයකින් හඬනගා කියන්නී: ඔබ ස්ත්‍රීන් අතරෙහි ආශීර්වාදලද්දීය, ඔබේ ගර්භයේ ඵලයද ආශීර්වාදලද්දේය. [43] මාගේ ස්වාමීන්වහන්සේගේ මෑණියන් මා ළඟට පැමිණීම කෙසේ සිද්ධවීද? [44] මක්නිසාද ඔබේ ආචාර ශබ්දය මාගේ කන්වල වැටුණු කෙණෙහිම, මාගේ කුසෙහි දරුවා ප්‍රීතියෙන් පැන නැංගේය. |
|
|
| [1] ‘දෙවියන්වහන්සේ කථාකොට: මේ සියලු වචන වදාරනසේක්: [2] මම වනාහි වහල්කමේ ගෙයින් එනම් මිසර දේශයෙන් ඔබ පිටතට ගෙනාවාවූ ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ය. [3] මා ඇර අන් දෙවිවරුන් ඇතුව නොසිටුව. [4] කැපූ රූපයක් හෝ උඩ අහසෙහිවත් පාත පොළොවෙහිවත් පොළොවෙන් යට ජලයෙහිවත් තිබෙන කිසිම දෙයක සමානත්වයක් හෝ සාදානොගනුව. [5] ඊට නමස්කාර නොකරව, සේවය නොකරව. මක්නිසාද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මම අන්‍ය භක්ති නොඉවසන්නාවූ, මට වෛරවෙන්නන්ගේ තුන්වෙනි සතරවෙනි පරම්පරාව කෙරෙහි පියවරුන්ගේ අධර්මිෂ්ඨකම ගැන දරුවන්ට ප්‍රථිඵල දෙන්නාවූ, [6] මට ප්‍රේමකරමින් මාගේ ආඥා පවත්වන්නවුන්ගෙන් පැවතෙන දහස් ගණන් පරම්පරා දක්වා දයාව පෙන්වන්නාවූ දෙවිකෙනෙක්ය. [7] ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ නාමය නිකරුණේ ව්‍යවහාරනොකරව; මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන් නාමය නිකරුණේ ව්‍යවහාර කරන තැනැත්තා නිවැරදිකාරයෙකුකොට ගණන් නොගන්නාසේක. [8] සබත් දවස ශුද්ධකොට පවත්වන්ට සිහිකරගනුව. [9] සදවසක් වැඩකරමින් ඔබේ සියලු වැඩ කර්මාන්ත කරගනුව. [10] එහෙත් සත්වෙනි දවස ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට පවත්වන සබතක්ය. ඒ දවසේ ඔබවත් ඔබේ පුත්‍රයාවත් ඔබේ දුවවත් ඔබේ වැඩකාරයාවත් ඔබේ වැඩකාරීවත් ඔබේ සිව්පාවෝවත් ඔබේ දොරටු ඇතුළත සිටින ආගන්තුකයාවත් කිසි වැඩක් නොකරව්. [11] කුමක් හෙයින්ද ස්වාමීන්වහන්සේ අහසත් පොළොවත් මුහුදත් එහි ඇත්තාවූ සියල්ලත් සදවසින් සාදා සත්වෙනි දවසෙහි නිවාඩුගත්සේක. එහෙයින් ස්වාමීන්වහන්සේ සබත් දවසට ආශීර්වාදකොට එය විශුද්ධකළසේක. [12] ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට දෙන දේශයෙහි ඔබේ දවස් බොහෝ වන පිණිස ඔබේ පියාටත් ඔබේ මවුටත් ගෞරවකරව. [13] මිනීනොමරව. |
|